අවසන් පන්දුවාරයේදී රවුෆ්ට එල්ල වූ ප්‍රහාරය මුල්තාන් කණ්ඩායමට ජය ගෙන එයි

Date:

පාකිස්තාන් සුපර් ලීග් තරගාවලියේ 03 වන තරගය ඊයේ (29) කරච්චී ජාතික ක්‍රීඩා පිටියේදී නිමාව දුටුවේ මුල්තාන් සුල්තාන් කණ්ඩායමට කඩුලු 05 ක තියුණු ජයග්‍රහණයක් හිමිකර දෙමින්.

ඔවුන් හමුවේ මෙම තරගයෙන් පරාජයට පත්වුණේ ලාහෝර් කලැන්ඩර්ස් කණ්ඩායමයි.

මෙම තරගයේ දී මුල්තාන් කණ්ඩායම වෙනුවෙන් ශාන් මසූඩ් සහ මොහොමඩ් රිස්වාන් ආරම්භක කඩුල්ල සදහා දැවැන්ත සබදතාවක් ගොඩනැගීම තරගයේ තීරණයට බෙහෙවින් බලපානු ලැබුවා.

තරගයේ කාසියේ වාසිය දිනා ගත් මුල්තාන් සුල්තාන් කණ්ඩායමේ නායක මොහොමඩ් රිස්වාන් ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට ලාහෝර් කලැන්ඩර්ස් කණ්ඩායමට ආරාධනා කළා.

ඒ අනුව පිටියට පිවිසි ලාහෝර් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 05 ක් බිඳ වැටී ලකුණු 206 ක දැවැන්ත ලකුණු පුවරුවක් ගොඩනැගීමට සමත්වුණා.

ෆකාර් සමාන් ලකුණු 76(35) ක් රැස්කළා. කම්රාන් ගුලාම් ලකුණු 43(31) යි. අබ්දුල්ලා ශෆීක් ලකුණු 24(22) කට දැවී ගියා.

ඩේවිඩ් වීසා පන්දු 5 කදී නොදැවී ලකුණු 13 ක් ලබා ගත්තේ හයේ පහරවල් 2 ක් සමගින්.

හයේ පහර 2ක් හා හතරේ පහරක් සමගින් රෂීඩ් ඛාන් නොදැවී ලකුණු 17(4) ක් රැස්කළා.

පන්දු යැවීමේ දී ඩේවිඩ් විලී, ශහනවාස් ධහානී, ඉම්රාන් තහීර්, කුශ්දිල් ශාහ් හා ඉහ්සනුල්ලාහ් අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

ලකුණු 207 ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය මුල්තාන් සුල්තාන් කණ්ඩායම පන්දුවාර 19.4 කදී ජයග්‍රහණය වාර්තා කළා.

ආරම්භක කඩුල්ල වෙනුවෙන් ලකුණු 150 ක විශිෂ්ඨ සබදතාවක් ගොඩ නැගීමට ශාන් මසූඩ් සමගින් නායක මොහොමඩ් රිස්වාන් සමත්වුණා.

මසූඩ් පන්දු 50 කට මුහුණ දෙමින් වේගවත් ලකුණු 83 ක් රැස්කළා. ඔහුගේ ඉනිමට හතරේ පහරවල් 14 ක් සහ එක් හයේ පහරක් ඇතුළත්.

මොහොමඩ් රිස්වාන් පන්දු 42 කදී ලකුණු 69 යි. හයේ පහර 3කින් හා හතරේ පහර 6කින් ඔහුගේ ඉනිම වර්ණවත් වුණා.

සොහයිබ් මක්සූද් ලකුණු 20(17) කට දැවී ගියා.

ජයග්‍රහණය සදහා මුල්තාන් සුල්තාන් කණ්ඩායමට අවසන් පන්දුවාරයේදී ලකුණු 16 ක් අවශ්‍යව තිබූ මොහොතක හැරිස් රවුෆ් විසින් යොමු කළ එම පන්දුවාරයේ දී කුශ්දිල් ශාහ් එල්ල කළ ප්‍රහාරය බොහෝ දෙනෙකුගේ අවධානය දිනාගැනීමට සමත්වුණා.

ඔහු මුහුණ දුන් ප්‍රථම පන්දු 4 ට නොකඩවා හතරේ පහරවල් 3 ක් සහ එක් හයේ පහරක් එල්ල කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට කුශ්දිල් සමත්වුණා.

පන්දු යැවීමේදී ශහීන් ශාහ් අෆ්‍රිඩී කඩුලු 3 ක් බිඳ හෙලුවා. හැරිස් රවුෆ් සහ රශීඩ් ඛාන් අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

තරගයේ වීරයා සම්මානය ශාන් මසූඩ් දිනාගනු ලැබුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...