පෝල් ෆාබ්‍රේස් ශ්‍රී ලංකාවට බෑ කියයි

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ධූරය භාර නොගැනීමට එංගලන්තයේ පෝල් ෆාබ්‍රේස් තීරණය කර ඇති බව වාර්තා වනවා.

Warwickshire ප්‍රාන්ත කණ්ඩායම සමග තවදුරටත් රැදී සිටීමේ අරමුණින් ඔහු එම තීරණය ගෙන ඇති බවයි විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළේ.

එම ප්‍රාන්ත කණ්ඩායමේ අධ්‍යක්ෂවරයා ලෙස පෝල් ෆාබ්‍රේස් මේ වන විට කටයුතු කරමින් සිටිනවා.

මීට පෙර ‘ද අයිලන්ඩ්’ පුවත්පත වාර්තා කර තිබුණේ ලබන මාසය මැදදී ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරයේ වැඩ භාර ගැනීමට නියමිතව ඇති බවයි.

වසර දෙකක කාලයක් සදහා ඔහුව ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කිරිමට ඉඩ ඇති බවත්, ඒ අනුව එළඹෙන ඉන්දීය තරග සංචාරයේ සිට ශ්‍රී ලංකාවේ නව පුහුණුකරු ලෙස පෝල් ෆාබ්‍රේස් කටයුතු කරනු ඇති බවත් එම පුවත්පත වාර්තා කර තිබුණා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ධූරය සදහා අයදුම්පත් 30කට වැඩි ප්‍රමාණයක් ලැබී තිබුණ ද එම අයදුම්පත් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් බළධාරීන්ගේ ප්‍රසාදයක් පලව නොතිබූ බවයි වාර්තා වුණේ.

ඒ අනුවයි ප්‍රධාන පුහුණුකරු තනතුර සදහා අයදුම්පත් ඉදිරිපත් කර නොතිබූ එංගලන්තයේ පෝල් ෆාබ්‍රේස් අදාළ ධූරයට පත් කිරීම සදහා ඔහු සමග මෙරට ක්‍රිකට් බළධාරීන් සාකච්ඡා සිදු කර තිබුණේ.

54 හැවිරිදි පෝල් ෆාබ්‍රේස් මීට පෙර ද ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ අතර, 2014 වසරේ 20යි 20 ලෝක කුසලානය ශ්‍රී ලංකාව ජය ගත්තේ ද ඔහුගේ පුහුණුකාරීත්වය යටතේයි.

කෙසේ වෙතත්, අනතුරුව ඔහු සිය ධූර කාලය නිමා වීමට පෙර හදිසියේම පුහුණුකරු ධූරයෙන් ඉවත් වී එංගලන්ත කණ්ඩායමේ සහාය පුහුණුකරු ලෙස එක් වුණා.

පෙබරවාරි මස මුල පැවැත්වෙන ඔස්ට්‍රේලියානු තරග සංචාරය සදහා මේ වන විටත් ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩබලන පුහුණුකරු ලෙස රුමේෂ් රත්නායක මහතා පත් කර තිබෙනවා.

මීට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ මිකී ආතර්ගේ වසර දෙකක ධූර කාලය පසුගිය දෙසැම්බර් මාසයේ දී අවසන් වූ අතර, ඒ අනුවයි අදාළ ධූරය මේ වන විට පුරප්පාඩු වී පවතින්නේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...