ප්‍රවීනයින්ගේ ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය ආසියාව හා ලෝක කණ්ඩායම අතර

Date:

ඕමානයේ පැවැත්වෙන ප්‍රවීනයින්ගේ ලීග් ක්‍රිකට් තරගාවලියේ ( Legends League Cricket) අවසන් තරගය හෙට(29) පැවැත්වෙනවා.

ඒ සදහා මේ වන විට සුදුසුකම් ලබා ඇත්තේ ආසියානු කණ්ඩායම (Asia Lions) (ආසියානු ලයන්ස්) හා ලෝක කණ්ඩායමයි. (World Giants) (වර්ල්ඩ් ජයන්ට්ස්)

තරගය මෙරට වේලාවෙන් හෙට රාත්‍රී 8ට ආරම්භ වීමට නියමිතයි.

තරගාවලියේ මූලික වටයේ අවසන් තරගය හෙවත් 6 වැනි තරගය ඊයේ(27) පැවැත්වුණේ India Maharajas කණ්ඩායම හා World Giants කණ්ඩායම අතරයි.

වැඩි ලකුණු ප්‍රමාණයක් වාර්තා වූ මෙම තරගයෙන් World Giants කණ්ඩායම තියුණු ජයක් වාර්තා කළේ ලකුණු 5කින්.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් World Giants කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 228ක් ලබා ගනිමින් සිය පන්දුවාර 20 නිමා කළා.

හර්ෂල් ගිබ්ස් ලකුණු 89(46)ක් රැස් කළේ හයේ පහර හා හතරේ පහර 7 බැගින් එල්ල කරමින්. පිල් මස්ටඩ් ලකුණු 57යි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ India Maharajas කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලබා ගත හැකි වුයේ ලකුණු 223ක් පමණයි.

නාමන් ඕජා ලකුණු 95ක් රැස් කළේ පන්දු 51කින්. හයේ පහර 7ක් හා හතරේ පහර 8ක් ඔහුගේ ඉනිම වර්ණවත් කළා.

වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ ඉර්ෆාන් පතාන් පන්දු 21කින් ලකුණු 56ක් ලබා ගත්තා. ඒ, හයේ පහර 6ක් හා හතරේ පහර 3ක් සමගින්.

බ්‍රෙට් ලී යොමු කළ අවසන් පන්දුවාරයේ දී India Maharajas කණ්ඩායමට තරගය ජය ගැනීම සදහා ලකුණු 8ක් පමණක් අවශ්‍යව තිබූ නමුත්, ඔවුන්ට එම පන්දුවාරයේ දී ලබා ගත හැකි වූයේ වයිඩ් ලකුණක් ද සහිතව ලකුණු 2ක් පමණයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...