රසල්ගේ කනගාටුදායක ප්‍රතිචාරය

Date:

බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි පැවැත්වෙන 2022 වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමේ ශ්‍රී ලංකා බලාපොරොත්තු මේ වන විට බොදව ගොස් අවසන්.

ඒ, මෙරට වේලාවෙන් අද(28) අලුයම නිමා වූ තරගාවලියේ සිව්වැනි අර්ධ අවසන් පූර්ව තරගයෙන් ඇෆ්ඝනිස්තාන යොවුන් කණ්ඩායම හමුවේ ලැබූ අනපේක්ෂිත හා අමිහිරි පරාජය හේතුවෙන්.

දුවද්දී දැවී යාම් 4ක් වාර්තා වූ ශ්‍රී ලංකා ඉනිම ලකුණු 130කට සීමා වුණේ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට ලකුණු 4ක තියුණු පරාජයක් උරුම කරමින්.

එය මෙරට ප්‍රේක්ෂකයින්ට දැඩි කනගාටුදායක මොහොතක් බවට පත් වූ බව නොරහසක්.

පළමු වරට යොවුන් ලෝක කුසලානයක් දිනා ගැනීමේ බලාපොරොත්තු එලෙසින් යළි මෙරට ප්‍රේක්ෂකයින්ට අහිමි වී ගියත්, ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම ලබන 30 වනදා තවත් තරගයකට මුහුණ දීමට නියමිතව තිබෙනවා.

ඒ, මෙවර තරගාවලියේ පස්වැනි ස්ථානය තේරීමේ අවසන් පූර්ව වටයේ තරගයක් සදහායි.

එහිදී ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදීන් වන්නේ දකුණු අප්‍රිකා යොවුන් කණ්ඩායමයි.

මේ අතර, ඇෆ්ඝනිස්තාන යොවුන් පිල හමුවේ ශ්‍රී ලංකාව පරාජයට පත් වන අවස්ථාවේ දී ජාත්‍යන්තර විස්තර විචාරක රසල් ආර්නල්ඩ් මහතා විස්තර විචාරක කුටියේ සිට ඊට දැක් වූ කනගාටුව හා මවිතය දනවන ප්‍රතිචාරය ඇතුළත් වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යනවා.

එහි දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...