ඉන්දු – ශ්‍රී ලංකා තරග කාලසටහන සංශෝදනය කරන්නැයි ශ්‍රී ලංකාවෙන් ඉල්ලීමක්

Date:

ශ්‍රී ලංකා කණ්ඩායමේ එළඹෙන ඉන්දීය තරග සංචාරයේ තරග කාලසටහන සංශෝදනයකට ලක් විය හැකි බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඒ සදහා ඉල්ලීමක් සිදු කර ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කළේ.

ඉන්දීය තරග සංචාරයේ දී දෙරට අතර ටෙස්ට් තරග 2ක් හා 20යි 20 තරග 3ක් පැවැත්වීමට නියමිතයි.

මේ වන විට නිකුත් කර ඇති තරග කාලසටහනට අනුව ටෙස්ට් තරගාවලිය පෙබරවාරි 25 වනදා ද, 20යි 20 තරගාවලිය මාර්තු 13 වනදා ද ආරම්භ වීමට නියමිතයි.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඉන්දීය ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලීමක් සිදු කර ඇත්තේ 20යි 20 තරගාවලිය පළමුව පවත්වා අනතුරුව ටෙස්ට් තරගාවලිය පවත්වන ලෙසටයි.

ඉන්දීය සංචාරයට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම ඔස්ට්‍රේලියාවේ සංචාරයක නිරත වන්නේ 20යි 20 තරග 5කින් යුත් තරගාවලියක් ක්‍රීඩා කිරීම වෙනුවෙනුයි.

ඒ අනුව ජෛව ආරක්ෂිත බුබුලක රැදී සිටින ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාව වෙත ද පහසුවෙන් පිටත් කළ හැකි බැවින් මෙම ඉල්ලීම ක්‍රිකට් ආයතනය විසින් සිදු කර ඇති බව සදහන්.

ඇතැම් විට කොවිඩ් 19 වසංගතය හේතුවෙන් තරග පැවැත්වෙන ක්‍රීඩාංගනවල ද සංශෝදනයක් සිදු විය හැකියි.

ශ්‍රී ලංකා තරගාවලියට පෙර බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ද ඉන්දීය සංචාරයක නිරත වන අතර, එම සංචාරයට අදාළ තරග 6 ක්‍රීඩාංගන 6කදී පැවැත්වීමට පළමුව සැලසුම් කර තිබුණත්, පසුව එය ක්‍රීඩාංගන දෙකක පමණක් පැවැත්වීමට තීරණය කෙරුණේ කොවිඩ් 19 වසංගතයෙන් ජෛව ආරක්ෂිත බුබුලට සිදු විය හැකි හානි අවම කර ගැනීමේ අරමුණින්.

මේ වන විට නිවේදනය කර ඇති තරග කාලසටහනට අනුව ඉන්දු – ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලිය බැංගලූරු හා මොහාලිහී දී පැවැත්වීමට නියමිත අතර, 20යි 20 තරගාවලිය මොහාලි, ධරම්ශාලා හා ලක්නව් හී දී පැවැත්විමට නියමිතයි.

ඒ අනුව කොවිඩ් 19 වසංගතය සැලකිල්ලට ගනිමින් තරග පැවැත්වෙන ක්‍රීඩාංගන සංශෝදනය කිරීම සදහා ද ඉන්දීය ක්‍රිකට් ආයතනය ඇතැම් විට කටයුතු කරනු ඇති.

මේ අතර, ලබන දෙසැම්බර් මාසයේ දී ද ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දීය තරග සංචාරයක නිරත වීමට නියමිතව තිබෙනවා.

එහි තරග කාලසටහන මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නැතත්, අදාළ සංචාරයේ දී එක්දින තරග 5ක් පැවැත්වීමට නියමිතව ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

IND-SL schedule (Feb-Mar)

25th Feb to 1st Mar, 2022 – 1st Test, Bengaluru
5th Mar to 9th Mar, 2022 – 2nd Test, Mohali
13th Mar, 2022 – 1st T20I, Mohali
15th Mar, 2022 – 2nd T20I, Dharamshala
18th Mar, 2022 – 3rd T20I, Lucknow

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...