පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් තරග කාලසටහන : ශ්‍රී ලංකාව B කාණ්ඩයට

Date:

එංගලන්තයේ බර්මිංහැම් හී දී පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ කාන්තා පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරග ඉසව්වේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ‘B’ කාණ්ඩයෙන් තරග වැදීමට නියමිතව තිබෙනවා.

එහිදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ප්‍රතිවාදීන් වන්නේ සත්කාරක එංගලන්තය, නවසීලන්තය හා දකුණු අප්‍රිකාවයි.

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලැබීම වෙනුවෙන් පැවැති තරගාවලියේ දී ලැබූ ජයග්‍රහනයත් සමගයි මෙවර ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා කිරිමේ අවස්ථාව ශ්‍රී ලංකාවට හිමිවුණේ.

කාන්තා පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරග ඉසව්ව ආරම්භ කරමින් ජූලි 29 වනදා පැවැත්වෙන පළමු තරගය සදහා ක්‍රීඩා කරන්නේ 20යි 20 ලෝක ශූර ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම හා අනුශූර ඉන්දීය කාන්තා කණ්ඩායමයි.

එදිනම පාකිස්තානය හා බාර්බඩෝස් කණ්ඩායම අතර තරගය ද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

සත්කාරක එංගලන්තය සිය පළමු තරගය ජූලි 30 වනදා ක්‍රීඩා කිරීමට නියමිතව ඇත්තේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහිවයි.

රටවල් 8ක් සහභාගී වන තරගාවලියේ මූලික වටයේ තරග අගෝස්තු 4 වනදා දක්වා පැවැත්වෙනවා.

අවසන් පූර්ව තරග අගෝස්තු 6 වැනිදා ද, අවසන් තරගය අගෝස්තු 7 වැනිදා ද පැවැත්වීමට නියමිත අතර, ලෝකඩ පදක්කම සදහා වූ තරගයක් ද අගෝස්තු 7 වැනිදා ම පැවැත්වීමට නියමිත බවයි ජගත් ක්‍රිකට් කවුන්සලය සදහන් කළේ.

2022 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළ ලබන වසරේ ජූලි 28 වනදා සිට අගෝස්තු 8 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.

  • තරග කාලසටහන –

Group A

  • Australia v India: Friday 29 July, 11:00
  • Pakistan v Barbados: Friday 29 July, 18:00
  • India v Pakistan: Sunday 31 July, 11:00
  • Barbados v Australia: Sunday 31 July, 18:00
  • Australia v Pakistan: Wednesday 3 August, 11:00
  • India v Barbados: Wednesday 3 August, 18:00

Group B

  • New Zealand v South Africa: Saturday 30 July, 11:00
  • England v CWGQ: Saturday 30 July, 18:00
  • England v South Africa: Tuesday 2 August, 11:00
  • CWGQ v New Zealand: Tuesday 2 August, 18:00
  • South Africa v CWGQ: Thursday 4 August, 11:00
  • England v New Zealand: Thursday 4 August, 18:00

Semi-final 1: Saturday 6 August, 11:00
Semi-final 2: Saturday 6 August, 18:00

Bronze medal match: Sunday 7 August, 10:00
Final: Sunday 7 August, 17:00

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...