චමරි අතපත්තු ලොව හොදම පිතිකාරිණියන් 10 දෙනා අතරට

Date:

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු අයි.සී.සී පන්දුවාර 20යි 20 පිතිකාරිණියන් ශ්‍රේණිගත කිරීම්හි පළමු 10 දෙනා අතරට පිවිසීමට සමත්ව තිබෙනවා.

ඒ, පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළේ කාන්තා පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරග ඉසව්ව සදහා සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැති තරගාවලියේ දී දැක් වූ ඉහළ දක්ෂතා හේතුවෙන්.

ඒ අනුව ඇය මේ වන විට පිතිකාරිණියන් අතර 8 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇත්තේ ස්ථාන 6කින්.

චමරි අතපත්තු ශ්‍රේණිගත ලකුණු 632 ක් මේ වන විට හිමි කර ගෙන සිටිනවා.

පිතිකාරිණියන් ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණ යළි හිමි කර ගැනීමට ඉන්දියාවේ ශෆාලි වෙර්මා සමත්ව ඇත්තේ ශ්‍රේණිගත ලකුණු 726කට හිමිකම් කියමින්.

සුදුසුකම් ලැබීමේ තරගාවලියේ දී චමරි අතපත්තු ලකුණු 221 ක් ලබා ගත්තා.

ඒ, 55.25 ක ඉනිමක සාමාන්‍යයක් හා 185.71 ක ප්‍රහාරාත්මක වේගයක් සටහන් කර ගනිමින්.

මේ අතර, සුදුසුකම් ලැබීමේ තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කළ අවසන් තරගයේ දී බංග්ලාදේශයට එරෙහිව ලකුණු 17කට කඩුලු 3ක් දවා ගැනීමට ද ඇය සමත් වුණා.

ඒ අනුව 20යි 20 තුන් ඉරියව් ක්‍රීඩිකාවන් අතර 7 වැනි ස්ථානය දක්වා එක් ස්ථානයකින් ඉදිරියට පැමිණීමට ද චමරි සමත්ව තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...