BPL අතරතුර දරුණු අනතුරකට මුහුණ දුන් ෆ්ලෙචර් රෝහල් ගත කෙරේ

Date:

බටහිර ඉන්දීය කොදෙව් හා Khulna Tigers කණ්ඩායමේ පිතිකරු ඇන්ඩ්‍රි ෆ්ලෙචර් මෙවර බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ ඊයේ(24) පැවැති තරගයකදී අනතුරකට මුහුණ දුන්නා.

තරගාවලියේ 6 වැනි තරගය වූ මෙම තරගයේ දී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූයේ Chattogram Challengers කණ්ඩායමයි.

ඩකා නුවර මීර්පූර්හි ෂෙරී බංග්ලා ක්‍රීඩාංගනයේ පැවැති මෙම තරගයේ Khulna Tigers ඉනිමේ 7 වන පන්දුවාරයේ පළමු පන්දුවේ දී රහ්මාන් රාජා යොමු කළ කෙටි පන්දුවක් ගෙල ප්‍රදේශයේ වැදීමෙන් මෙම අනතුර සිදු වුණා.

අනතුරුව මූලික වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමෙන් පසුව ඔහු රෝහල් ගත කිරීමටයි පියවර ගැනුණේ.

පූර්වාරක්ෂක පියවරක් ලෙස ඇන්ඩ්‍රි ෆ්ලෙචර් රෝහල් ගත කළ නමුත්, ඔහුගේ තත්ත්වය බරපතල නොවන බව සදහන්.

අනතුර සිදු වන අවස්ථාව වන විට ඔහු නොදැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 16ක්.

අනතුරු සිදු වූ අයුරු පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...