තරග පාවාදෙන්න ඉන්දියාවෙන් තමාව කොටු කළ මෙහෙයුම ගැන ටේලර් ලොවට හෙළි කරයි

Date:

තරග පාවාදීම (spot fix) සදහා තමන්ට කෙරුණු යෝජනාවක් සම්බන්ධයෙන් ජගත් ක්‍රිකට් කවුන්සලයට(අයි.සී.සී) නිසි කාලයේ දී දැනුම් දීමට තමා අපොහොසත් වූ බවට සිම්බාබ්වේ කණ්ඩායමේ හිටපු නායක බ්‍රෙන්ඩන් ටේලර් පිළිගෙන තිබෙනවා.

ඒ අනුව තමාට අයි.සී.සීයෙන් වසර කිහිපයක ක්‍රිකට් තහනමක් පනවනු ඇති බවයි බ්‍රෙන්ඩන් ටේලර් සිය ට්විටර් ගිණුම ඔස්සේ නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ.

ඉන්දීය ව්‍යාපාරිකයෙකු විසින් තමාට තරග පාවාදීම සදහා වන යෝජනාව ඉදිරිපත් කළ බව ද ඔහු අනාවරණය කළා.

2019 වසරේ ඔක්තෝබර් මාසයේ දී එම ව්‍යාපාරිකයා හා ටේලර් අතර හමුවක් සිදුව ඇත්තේ අනුග්‍රාහකත්වය ලබා දීම හා සිම්බාබ්වේ දේශය තුළ 20යි 20 තරගාවලියක් සංවිධාන කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ඉන්දියාවට පැමිණෙන ලෙසට බ්‍රෙන්ඩන් ටේලර්ට ලද ආරාධනාවකට අනුවයි.

එම සාකච්ඡාව අතරතුර දී ඔහුට මත්ද්‍රව්‍යයක් පානය කිරීමට ලබා දී ඇති අතර, මත්ද්‍රව්‍ය ලබා ගන්නා ආකාරය රහසිගතව වීඩියෝ ගත කිරීමට ඉන්දීය ව්‍යාපාරිකයා කටයුතු කර තිබෙනවා.

පසුව එම වීඩියෝ පටය ප්‍රසිද්ධියට පත් කරන බව පවසමින් තරග පාවා දීම සදහා තමාට තර්ජනය කල බවයි බ්‍රෙන්ඩන් ටේලර්ට කියා සිටියේ.

ඒ අනුව තරග පාවාදීම සදහා තමාට අදාළ ව්‍යාපාරිකයාගෙන් අමෙරිකානු ඩොලර් 15,000 ක මුදලක් ලද නමුත්, කිසිවිටක තරග පාවා දීමට කටයුතු නොකළ බව ඔහු පෙන්වා දෙනවා.

පවුලේ ආරක්ෂාව පිළිබද සලකා බලා, ඉන්දියාවේ දී සිදු වූ අදාළ සාකච්ඡාව සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කිරීම ප්‍රමාද කිරීමට තමාට සිදු වූ බවයි සිම්බාබ්වේ හිටපු නායකයා සදහන් කළේ.

මාස 4කට පමණ පසුව තමා ඒ පිළිබද අයි.සී.සීයට දැනුම් දුන් බව ඔහු සිය නිවේදනයේ සදහන් කර තිබෙනවා.

35 හැවිරිදි බ්‍රෙන්ඩන් ටේලර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කළේ පසුගිය වසරේ දී යි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...