වසරේ ICC ටෙස්ට් ක්‍රීඩකයා නිවේදනය කෙරේ

Date:

එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක ජෝ රූට් 2021 වසරට අදාළ අයි.සී.සී වසරේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානයෙන් පිදුම් ලබා තිබෙනවා.

2021 වසරේ දී ඔහු ක්‍රීඩා කළ ටෙස්ට් තරග 15 තුළ දී ලකුණු 1,708 ක් රැස් කිරීමට රූට් සමත් වුණා.

ඒ, ශතක 6ක් ද සමගින්.

වසරේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි නිර්දේශිත නාම අතරට ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න, ඉන්දියාවේ රවිචන්ද්‍රන් අශ්වින් හා නවසීලන්තයේ ක්යිල් ජමීසන්ගේ ද නම් ඇතුළත්ව තිබුණා.

මේ අතර, අයි.සී.සී වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානය හිමිව ඇත්තේ පාකිස්තාන නායක බබාර් අසාම්ටයි.

අයි.සී.සී වසරේ 20යි 20 ක්‍රීඩකයාට හිමි සම්මානය පාකිස්තානයේම මොහොමඩ් රිස්වාන් විසින් දිනා ගනු ලැබුවා.

අයි.සී.සී වසරේ විනිසුරුවරයා ලෙස දකුණු අප්‍රිකාවේ මරායස් එරාස්මස් (Marais Erasmus) සම්මානයෙන් පිදුම් ලබා තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...