අවසන් පන්දුවාරයේ සුපිරි ප්‍රහාරය අපතේ යවමින් කොදෙව්වන්ට ලකුණක තියුණු පරාජයක්

Date:

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැති දෙවැනි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයෙන් එක් ලකුණක තියුණු ජයක් වාර්තා කරමින් දෙරට අතර පැවැත්වෙන තරග 5කින් යුත් 20යි 20 තරගාවලිය තරග 1-1ක් ලෙස සම තත්ත්වයට රැගෙන ඒමට සංචාරක එංගලන්ත කණ්ඩායම මෙරට වේලාවෙන් අද(24) අලුයම සමත් වුණා.

බාර්බඩෝස්හි කෙන්සින්ටන් ඕවල් ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් එංගලන්තය කඩුලු 8ක් දැවී ලකුණු 171ක් රැස් කළා.

ජේසන් රෝයි ලකුණු 45ක් හා මොයීන් අලී ලකුණු 31ක් ලබා ගනිමින් එංගලන්ත ඉනිම ශක්තිමත් කළා. ක්‍රිස් ‍ජෝර්ඩන් ලකුණු 27යි.

පන්දු යැවීමේ දී ජේසන් හෝල්ඩර් හා ෆේබියන් ඇලන් කඩුලු 2 බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොදෙව්වන්ට පන්දුවාර 20 නිමා කිරීමට සිදු වූයේ කඩුලු 8ක් දැවී ලකුණු 170 ක් රැස් කරමින්.

ඉනිමේ 8 වන කඩුල්ල දැවී ගියේ ලකුණු 98ක්(15.1 ov) ලබා සිටියදීයි.

කෙසේ වෙතත්, අනතුරුව පන්දු 29කින් නොබිදුණු ලකුණු 72ක සබදතාවයක් ගොඩ නැගීමට රොමාරියෝ ෂෙපර්ඩ් හා අකීල් හොසේන් සමත් වුණා.

ෂෙපර්ඩ් පන්දු 28කින් නොදැවී ලකුණු 44 ක් රැස් කළ අතර, හොසේන් පන්දු 16කින් නොදැවී වේගවත් ලකුණු 44ක් ලබා ගත්තා.

ෂෙපර්ඩ්ගේ ඉනිම හයේ පහර 5කින් ද, හොසේන්ගේ ඉනිම හයේ පහර 4කින් ද වර්ණවත් වුණා.

තරගය ජය ගැනීම සදහා අවසන් පන්දුවාරයේ දී කොදෙව්වන්ට ලකුණු 30ක් ලබා ගැනීමට අවශ්‍ය වූ අතර, සකිබ් මහ්මූද් යොමු කළ එම පන්දුවාරයේ දී පන්දුවට පහර දුන්නේ අකීල් හොසේන්.

අවසන් පන්දුවාරයේ පළමු පන්දුව වයිඩ් පන්දුවක් වූ අතර, අනතුරුව යොමු කළ පන්දුව ද වයිඩ් පන්දුවකට ඉතා ආසන්න පන්දුවක් වුවත්, විනිසුරු විසින් එය නීත්‍යානුකූල පන්දුවක් ලෙසයි ප්‍රකාශ කළේ.

එම පන්දුවාරයේ දෙවැනි හා තෙවැනි පන්දුවලට හතරේ පහර 2ක් එල්ල කිරීමට හොසේන් සමත් වූ අතර, අනතුරුව යොමු කෙරුණු පන්දුව වයිඩ් පන්දුවක් ලෙසයි සංඥා කෙරුණේ.

එම පන්දුවාරයේ අවසන් පන්දු 3ට හයේ පහර 3ක් එල්ල කිරීමට අකීල් හොසේන් සමත් වුණා.

කෙසේ වෙතත්, තරගය නිමා වුණේ ජයග්‍රහනය සදහා කොදෙව්වන් එක් ලකුණක් පිටුපසින් පසුවෙමින්.

පන්දු යැවීමේ දී මොයීන් අලී කඩුලු 3ක් දවා ගත් අතර, අඩිල් රෂීඩ් කඩුලු 2ක් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...