කොදෙව් කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරයේ කාලසටහන සංශෝදනය කෙරේ

Date:

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ එළඹෙන ඉන්දීය තරග සංචාරයේ තරග කාලසටහන සංශෝදනය කර තිබෙනවා.

මෙම තරග සංචාරයට එක්දින තරග 3ක් හා 20යි 20 තරග 3ක් ඇතුළත්.

නව කාලසටහනට අනුව එක්දින තරග 3 අහ්මදාබාද් හී දී පැවැත්නෙ බවයි ඉන්දීය ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

20යි 20 තරග කොල්කටා හී දී පැවැත්වීමට නියමිතයි.

මීට පෙර අදාළ තරග 6 ක්‍රීඩාංගන 6කදී පැවැත්වීමට සැලසුම් කර තිබුණා.

කෙසේ වෙතත්, කොවිඩ් 19 වසංගතය හමුවේ වැඩි නගර සංඛ්‍යාවකට සංචාරය කිරීමේ දී ජෛව ආරක්ෂිත බුබුලට සිදු විය හැකි බලපෑම සැලකිල්ලට ගනිමින් සියලු තරග ක්‍රීඩාංගන දෙකකදී පමණක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

මේ අතර, දෙරට අතර පෙබරවාරි 12 වනදා පැවැත්වීමට නියමිතව තිබූ තෙවැනි එක්දින තරගය පෙබරවාරි 11 වනදා පැවැත්වීමට ද තීරණය කර තිබෙනවා.

අයි.පී.එල් ක්‍රීඩක වෙන්දේසිය ලබන 12 වනදා හා 13 වනදා පැවැත්වීමට නියමිතව තිබීම ඊට හේතු වී ඇති බව සදහන්.

නව තරග කාලසටහන :

  1. 6th February – 1st ODI – Ahmedabad
  2. 9th February – 2nd ODI – Ahmedabad
  3. 11th February – 3rd ODI – Ahmedabad
  4. 16th February – 1st T20I – Kolkata
  5. 18th February – 2nd T20I – Kolkata
  6. 20th February – 3rd T20I – Kolkata

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...