තිසරගෙන් තුන් ඉරියව් දක්ෂතා ; කුල්නා කණ්ඩායමට කඩුලු 5ක ජයක්

Date:

මෙවර බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ඊයේ(21) ආරම්භ වුණා.

ආරම්භක දිනයේ දී තරග දෙකක් පැවැති අතර, Khulna Tigers කණ්ඩායම සහ Minster Group Dhaka කණ්ඩායම අතර පැවති තරගාවලියේ දෙවන තරගයයෙන් Khulna Tigers කණ්ඩායම කඩුලු 05 ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට සමත් වුණා.

Khulna Tigers කණ්ඩායම වෙනුවෙන් ශ්‍රී ලංකා හිටපු තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා පිත්තෙන් සහ පන්දු යැවීමෙන් විශිෂ්ඨ දක්ෂතා ප්‍රදර්ශනය කිරීමට සමත්වීම විශේෂත්වයක්.

ඩකා නුවර මීර්පූර් හී ෂෙරී බංග්ලා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනා කුල්නා කණ්ඩායම ප්‍රථමෙයෙන් පන්දුවට පහරදීමට ඩකා කණ්ඩායමට ආරාධනා කළා.

ඒ අනුව පිටියට පිවිසි ඩකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 6 ක් බිඳ වැටී රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 183 ක්.

ටමීම් ඉක්බාල් ලකුණු 50(42) ක් සහ මොහොමඩ් ෂෙසාඩ් ලකුණු 42(27) ක් රැස්කරගැනීමට සමත්වුණා. මහ්මදුල්ලාහ් රියාද් පන්දු 20 කින් ලකුණු 39 ක් රැස්කළා.

පන්දු යැවීමේදී කම්රුල් ඉස්ලාම් කඩුලු 03 ක් බිඳ හෙලූ අතර තිසර පෙරේරා එක් කඩුල්ලක් බිඳ හෙලීමට සමත්වුණා. (තිසර බිද හෙලූ කඩුල්ලෙහි දර්ශන පහතින්)

ලකුණු 184 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි Khulna Tigers කණ්ඩායම පන්දුවාර 19 ක් තුළ කඩුලු 05 ක් පමණක් බිඳ වැටී ජයග්‍රහණය වාර්තා කළා.

අනර්ඝ ඉනිමක් දියත් කළ Rony Talukdar පන්දු 42 කදී ලකුණු 61 ක් වාර්තා කළා. ඇන්ඩ්‍රි ෆ්ලෙචර් පන්දු 23 කදී ලකුණු 45 යි.

විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ තිසර පෙරේරා පන්දු 18 කදී හතරේ පහර 06 ක් සමගින් නොදැවී ලකුණු 36 ක් ලබා ගනිමින් සිය කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන ගියා.

ඇන්ඩ්‍රි රසල් සහ එබඩොට් හුසේන් අතරේ කඩුලු 02 බැගින් බෙදී ගියා. තරගයේ වීරයා සම්මානය Rony Talukdar හට හිමිවුණා.

මේ අතර, මෙම තරගය අතරතුර සිදු වූ ඇන්ඩ්‍රි රසල්ගේ ඉතාමත් අවාසනාවන්ත දුවද්දී දැවී යාම බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගැනීමට ද සමත් වුණා.

පන්දු රකින්නෙකු විසින් පන්දුව රැකගෙන පිතිකරණ අන්තයේ කඩුල්ල වෙත යොමු කළ අතර, එහිදී පන්දුව කඩුල්ලේ කෙලින්ම ගැටුණු නමුත්, එම අන්තයට දිවා ආ පිතිකරු දැවී යාමකට හසු නොවුණේ ඔහු සීමා ඉර ඉක්මවා සිටීම හේතුවෙන්.

කෙසේ වෙතත්, කඩුල්ලේ වැදුණු පන්දුව කිසිවෙකුත් බලාපොරොත්තු නොවුණු අයුරින් පන්දු යවන්නාගේ අන්තයේ කඩුල්ලේ ද ගැටුණේ ඇන්ඩ්‍රි රසල් දුවද්දී දැවී ගිය ක්‍රීඩකයෙකු බවට පත් කරමින්.  (එහි වීඩියෝ දර්ශන කිහිපයක් පහතින්)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...