“මම කෝච් වශයෙන් ආස නෑ අපිට 300ක් ගහනවට; කණ්ඩායමේ එක් වෙනසක් විය හැකියි” : රුමේෂ්

Date:

සිම්බාබ්වේ කණ්ඩායම සමග හෙට(21) පැවැත්වෙන තෙවැනි හා අවසන් එක්දින ක්‍රිකට් තරගය සදහා සිය කණ්ඩායමේ එක් වෙනස්කමක් සිදු විය හැකි බව ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩබලන පුහුණුකරු රුමේෂ් රත්නායක මහතා පවසනවා.

අවසන් තරගය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සදහා අද(20) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු ඒ බව සදහන් කළා.

සිදු වන වෙනස්කම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පුහුණුකරු නිශ්චිතව යමක් ප්‍රකාශ නොකළ ද, සිම්බාබ්වේ කණ්ඩායමේ වමත් පිතිකරුවන් පළමු තරග දෙකේදී ශ්‍රී ලංකාවට අභියෝගයක් වූ බැවින් ඔවුන්ට එරෙහිව මේ වන විට සැලසුම් සකස් කර ඇති බවයි හෙතෙම සදහන් කළේ.

ඒ අනුව ඇතැම් විට රමේෂ් මෙන්ඩිස් හෙට තරගය සදහා ක්‍රීඩා කිරීමට වැඩි ඉඩක් පවතිනවා.

පළමු තරග දෙකේ දී සිම්බාබ්වේ කණ්ඩායමට ලකුණු 300ක් පමණ ලබා ගැනීම සදහා අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් තමා සතුටට පත් නොවන බව ද මෙම මාධ්‍ය හමුවේ දී රුමේෂ් රත්නායක මහතා සදහන් කළා.

“අපේ බෝලින් බැලුවම අපිට 300ක් දෙන්න බෑ. මම කෝච් වශයෙන් මම ආස නැහැ අපිට 300ක් ගහනවට.” යනුවෙන් ශ්‍රී ලංකා වැඩබලන පුහුණුකරු කියා සිටියා.

“උපරිම අපි බැලුවේ 260ක්. ඒක හදාගන්නයි අපි මේ දවස් දෙකේ කතා වුණෙත්, අද සූදානම් වෙන්නෙත් ඒක හදාගන්න. අපි හිතනවා හෙට අපි ඒක හදාගන්නවා කියලා. මොකද ඒක මට මදිකමක්.”

දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...