දෙවැනි තරගයේදීත් චමරිගෙන් අර්ධ ශතකයක් ; ශ්‍රී ලංකාවට පහසු ජයක්

Date:

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළේ කාන්තා පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරග ඉසව්වට අදාළ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය යටතේ ක්‍රීඩා කළ දෙවැනි තරගයෙන් ද පහසු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද(20) සමත් වුණා.

කෙන්යාව සමග මැලේසියාවේ ක්වාලා ලම්පූර් හි පැවැති මෙම තරගයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ජය වාර්තා කළේ කඩුලු 9කින්.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් කෙන්යාව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 87ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව පන්දුවාර 9.3ක් අවසානයේ එක් කඩුල්ලක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

පළමු තරගයේ දී අර්ධ ශතකයක් වාර්තා කළ නායිකා චමරි අතපත්තු මෙම තරගයේ දී ද ලකුණු 57ක් රැස් කළේ පන්දු 29කට පමණක් මුහුණ දෙමින්.

ඒ, හයේ පහර 3ක් හා හතරේ පහර 8ක් සමගින්.

විශ්මි ගුණරත්න නොදැවී ලකුණු 26යි.

තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන තෙවැනි තරගය එළඹෙන 22 වැනිදා මැලේසියාවට එරෙහිව ද, සිව්වැනි තරගය එළඹෙන 24 වනදා බංග්ලාදේශයට එරෙහි ද පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...