U19 WC : ඉන්දීය ක්‍රීඩකයින් රැසකට කොරෝනා ; පුහුණුකරුවන් වතුර අදියි

Date:

බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි පැවැත්වෙන 2022 වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට එක්ව සිටින ඉන්දීය යොවුන් කණ්ඩායමේ ක්‍රීඩකයින් 6 දෙනෙකුට කොවිඩ් 19 ආසාදනය වී තිබෙනවා.

එම ක්‍රීඩකයින් අතර නායක Yash Dhull හා උප නායක SK Rasheed ද වන බවයි ඉන්දීය ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

ඉන්දීය යොවුන් කණ්ඩායම මේ වන විට මෙවර තරගාවලියේ සිය දෙවැනි තරගය සදහා අයර්ලන්ත යොවුන් කණ්ඩායමට එරෙහිව ක්‍රීඩා කරමින් සිටිනවා.

වෛරසය ආසාදනය වූ ක්‍රීඩකයින් මේ වන විට හුදකලා කර ඇති බැවින් නිසි කණ්ඩායමක් සකස් කර ගැනීමේ අර්බුදයකට ද ඉන්දියාව මුහුණ දී සිටින බව සදහන්.

ලෝක කුසලාන තරගාවලිය සදහා වන ඉන්දීය යොවුන් සංචිතයට ඇතුළත් සමස්ත ක්‍රීඩකයින් ගණන 17ක්.

ඒ අනුව අද(19) තරගය සදහා තෝරා ගැනීමට ඉතිරිව සිටියේ ක්‍රීඩකයින් 11 දෙනෙකු පමණයි.

අද පැවැත්වෙන තරගයේ දී ක්‍රීඩකයින්ට සිසිල් බීම රැගෙන යාමේ කටයුතු සදහා ක්‍රීඩකයින් වෙනුවට පුහුණුකරුවන්ව යෙදවීමට කණ්ඩායමේ කළමණාකාරීත්වයට සිදුව තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...