දසුන්ගේ සටන්කාමී ශතකය අපතේ යවමින් සිම්බාබ්වේ හමුවේ ශ්‍රී ලංකාව පරදියි

Date:

ශ්‍රී ලංකාව සමග පැවැති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 22ක ජයක් වාර්තා කරමින් තරග 3කින් යුත් එක්දින තරගාවලිය තරග 1-1ක් ලෙස සම තත්ත්වයට ගෙන ඒමට සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම අද(18) සමත් වුණා.

මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී පැවැති තරගය ජය ගැනීම සදහා ලකුණු 303ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 280ක් පමණයි.

ශ්‍රී ලංකා ඉනිමට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට නොහැකි වූ අතර, ඉනිමේ පළමු කඩුලු 4 ලකුණු 63 ක් තුළ බිද වැටුණා.

කෙසේ වෙතත්, අනතුරුව ශ්‍රී ලංකාවට ජයග්‍රහනයේ යළි බලාපොරොත්තු රැගෙන ඒමට කමිදු මෙන්ඩිස් හා නායක දසුන් ශානක සමත් වුණේ 5 වැනි කඩුල්ලට ලකුණු 118(120)ක සබදතාවයක් ගොඩ නගමින්.

සිය මංගල එක්දින අර්ධ ශතකය වාර්තා කළ කමිදු ලකුණු 57කට දැවී ගියා.

පීඩනයක් යටතේ පන්දුවට පහර දීම ආරම්භ කළ දසුන් ශානක සිය මංගල එක්දින ශතකය වාර්තා කිරීමට අද සමත් වූ නමුත්, ශතකය වාර්තා කිරීමෙන් පසුව මුහුණ දුන් පළමු පන්දුවෙන්ම දසුන් දැවී ගියා.

ඔහු පන්දු 94කින් ලකුණු 102ක් රැස් කළේ හයේ පහර 4ක් හා හතරේ පහර 7ක් සමගින්.

දසුන් හා චාමික කරුණාරත්න අතර ද හය වැනි කඩුල්ල සදහා ලකුණු 66ක සබදතාවයක් ගොඩ නැගුණා.

චාමික ලකුණු 34කට දුවද්දී දැවී යාමත් සමග ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු බලාපොරොත්තු බිද වැටුණා.

පන්දු යැවීමේ දී ටෙන්ඩයි චටාරා හා Blessing Muzarabani කඩුලු 3 බැගින් බිද හෙලුවා.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 302ක් රැස් කළේ නායක ක්‍රෙයිග් අර්වින් රැස් කළ ලකුණු 91(98)න් සවිමත් වෙමින්.

Regis Chakabva ලකුණු 47ක් හා ශෝන් විලියම්ස් ලකුණු 48ක් ලබා ගත්තා.

ඉනිමට සාර්ථක අවසානයක් ගෙන දුන් සිකන්ඩා රාසා පන්දු 46කින් ලකුණු 56ක් රැස් කිරිමට සමත් වුණා.

පන්දු යැවීමේ දී ජෙෆ්රි වැන්ඩර්සේ කඩුලු 3ක් ද, නුවන් ප්‍රදීප් කඩුලු 2ක් ද දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...