ශ්‍රී ලංකා තරගයේ දී නායකත්වයෙන් සමු ගැනීම කෝලි ප්‍රතික්ෂේප කරයි

Date:

ටෙස්ට් නායකත්වයට සමු දීම සදහා තරගයක් ලබා දීමට ඉන්දීය ක්‍රිකට් බළධාරීන් කළ යෝජනාවක් ඉන්දීය සුපිරි පිතිකරු විරාට් කෝලි විසින් ප්‍රතික්ෂේප කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කරනවා.

දකුණු අප්‍රිකාව සමග නිමා වූ තරග 3කින් යුත් ටෙස්ට් තරගාවලිය තරග 1-2ක් ලෙස පරාජයට පත්වී දිනක් ගතවීමෙන් පසුව කෝලි ටෙස්ට් නායකත්වයෙන් ඉල්ලා අස් වන බව පසුගියදා නිවේදනය කළා.

මේ වන විට ටෙස්ට් තරග 99ක් ක්‍රීඩා කර ඇති කෝලි තම 100 වැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීමට නියමිතව ඇත්තේ ලබන මස 25 වනදා ශ්‍රී ලංකාවට එරෙහිව බැංගලෝර්හී දී ආරම්භ වන පළමු ටෙස්ට් තරගයේ දී යි.

ඒ අනුව ඔහු නියෝජනය කරන අයි.පී.එල් කණ්ඩායම කේන්ද්‍රගත වී ඇති බැංගලෝර් නුවර දී පැවැත්වෙන එම තරගයේ දී නායකත්වයෙන් සමු ගැනීම සදහා අවස්ථාව ලබා දීමට ඉන්දීය ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙකු දුරකතනයෙන් යෝජනාවක් ඉදිරිපත් කර තිබූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

කෙසේ වෙතත්, කෝලි විසින් එය ප්‍රතික්ෂේප කරමින් සදහන් කර ඇත්තේ “එක් තරගයකින් වෙනසක් වෙන්නේ නැහැ, ඒ මගේ හැටි නෙවෙයි” යනුවෙන්.

ඉන්දීය ටෙස්ට් ඉතිහාසයේ සාර්ථකම නායකයා වන විරාට් කෝලි ටෙස්ට් තරග 68කදී ඉන්දීය කණ්ඩායම මෙහෙයවනු ලැබුවා.

එහිදී ජයග්‍රහන 40ක් ඉන්දියාවට හිමි කර දුන් කෝලි වාර්තා අතරට එක් වුණේ වැඩිම ටෙස්ට් තරග ප්‍රමාණයක් ජයග්‍රහනය කළ ඉන්දීය නායකයා ලෙසයි.

කෝලිගේ නායකත්වයෙන් යුත් ඉන්දීය කණ්ඩායම 2015 වසරේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ශ්‍රී ලංකාවේ දී ම වසර 22කට පසුව පළමු වරට ටෙස්ට් තරගාවලියකින් පරාජයට පත් කිරීමට සමත් වූ අතර, එය කෝලිගේ නායකත්වයෙන් ඉන්දියාව ලැබූ පළමු ටෙස්ට් තරගාවලි ජයග්‍රහනයයි.

එමෙන්ම 2018 වසරේ දී ඔස්ට්‍රේලියාවේ දී පළමු වරට ටෙස්ට් තරගාවලියක් ජය ගැනීමට ද ඉන්දියාව සමත් වුණේ කෝලිගේ නායකත්වය යටතේයි.

ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානය දක්වා ද, අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගය දක්වා ද, ඉන්දීය කණ්ඩායම රැගෙන යාමට විරාට් කෝලි නායකත්වය දරනු ලැබුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...