වසරේ ICC ටෙස්ට් කණ්ඩායම නිවේදනය කෙරේ

Date:

2021 වසරට අදාළ අයි.සී.සී වසරේ ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් අද(20) නිවේදනය කළා.

රටවල් කිහිපයක ක්‍රීඩකයින් 11 දෙනෙකුගෙන් යුත් මෙම කණ්ඩායමේ නායකත්වය හිමිව ඇත්තේ අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවය දිනූ නවසීලන්ත කණ්ඩායමේ නායක කේන් විලියම්සන්ටයි.

කණ්ඩායම සදහා එක් ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු ද ඇතුළත්ව සිටීම විශේෂත්වයක්.

ඒ අනුව ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න අයි.සී.සී වසරේ ටෙස්ට් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු ලෙස නම් කර තිබෙනවා.

ඔහුගේ අනෙක් ආරම්භක සගයා ලෙස නම් කර ඇත්තේ ඉන්දියාවේ රෝහිට් ෂර්මා.

ඔස්ට්‍රේලියාවේ මර්නස් ලබුෂේන් අංක 3 පිතිකරුවා ලෙසත්, එංගලන්තයේ ජෝ රූට් අංක 4 පිතිකරුවා ලෙසත් නම් කර තිබෙනවා.

අංක 5 පිතිකරුවා වන්නේ කේන් විලියම්සන්.

පාකිස්තානයේ ෆවඩ් අලාම් අංක 6 පිතිකරුවා ලෙස මෙම ටෙස්ට් කණ්ඩායමට නම් කර තිබෙනවා.

ඉන්දියාවේ රිෂාබ් පාන්ට් කඩුලු රකින ක්‍රීඩකයා ලෙසයි වසරේ ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමට නම් කර ඇත්තේ.

එක් දග පන්දු යවන්නෙකු පමණක් මෙම කණ්ඩායමට ඇතුළත් අතර, එම ස්ථානය හිමිව ඇත්තේ ඉන්දියාවේ ආර්. අශ්වින්ටයි.

වේග පන්දු යවන්නන් ලෙස නවසීලන්තයේ ක්යිල් ජමීසන්, පාකිස්තානයේ හසන් අලී හා පාකිස්තානයේ ම ශහීන් අෆ්රිඩි නම් කර තිබෙනවා.

අයි.සී.සී ටෙස්ට් කණ්ඩායම –

  1. Dimuth Karunaratne (Sri Lanka)
  2. Rohit Sharma (India)
  3. Marnus Labuschagne (Australia)
  4. Joe Root (England)
  5. Kane Williamson (c) (New Zealand)
  6. Fawad Alam (Pakistan)
  7. Rishabh Pant (wk) (India)
  8. Ravichandran Ashwin (India)
  9. Kyle Jamieson (New Zealand)
  10. Hasan Ali (Pakistan)
  11. Shaheen Afridi (Pakistan)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...