තිදෙනෙක් සංචිතයට එද්දී ධනංජය එක්දින තරගාවලියෙන් ඉවත් වෙයි

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වා එළඹෙන සිම්බාබ්වේ එක්දින ක්‍රිකට් තරගාවලියෙන් ඉවත්ව ඇති බව වාර්තා වනවා.

පෞද්ගලික හේතුවක් මතයි ඔහු එලෙස සංචිතයෙන් ඉවත්ව ඇත්තේ.

ඊයේ දිනයේ දී ඔහුගේ බිරිද පළමු දරු උපත ද සිදු කළා.

ලබන 16 වැනිදා ආරම්භ වන එක්දින තරගාවලියෙන් ඉවත් වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ධනංජය ද සිල්වා කළ ඉල්ලීමට අනුමැතිය ලැබී ඇති බව සදහන්.

ඒ අනුව ඔහු වෙනුවට කමිදු මෙන්ඩිස් සංචිතයට කැදවා ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම දිනේෂ් චන්දිමාල් හා කුසල් මෙන්ඩිස් ද එක්දින සංචිතයට කැදවීමට පියවර ගෙන ඇති බව සදහන්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...