T 20 නීති සංශෝදනයක් සිදු කෙරේ ; තරග අතරතුරම දැඩි දඩුවමක්

Date:

ජගත් ක්‍රිකට් කවුන්සලය (අයි.සී.සී) විසින් ජාත්‍යන්තර 20යි 20 තරග සදහා නීති සංශෝදනයක් සිදු කර තිබෙනවා.

මෙම මාසයේ සිට එම නව නීති බලපැවැත්වෙන බවයි ජගත් ක්‍රිකට් කවුන්සලය නිවේදනය කළේ.

පන්දුවාර යැවීමේ වේගය නිසි පරිදි පවත්වා නොගැනීමට එරෙහිව දඩුවම් පැනවීමක් හා සිසිල් බීම පානය සදහා ඉනිම අතරවාරයේ දී අවස්ථාවක් ලබා දීම මෙම නව නීති සංශෝදනයේ දී සිදු කර තිබෙනවා.

ඒ අනුව ඉනිමක අවසන් පන්දුවාරයේ පළමු පන්දුව පෙර දැනුම් දී ඇති නියමිත වේලාව තුළ යැවිය හැකි මට්ටමක පන්දු යැවීමේ කණ්ඩායම පසුවිය යුතුයි.

පන්දුවාර යැවීමේ වේගය නියමිත පරිදි සිදු නොවන්නේනම් ඉනිමේ ඉතිරි පන්දුවාර යොමු කිරීමට සිදු වන්නේ යාර 30 සීමාවෙන් පිටත පන්දු රකින්නන් 5 දෙනෙකු වෙනුවට (පවර් ප්ලේ නොවන අවස්ථාවක) සිව් දෙනෙකු පමණක් රදවා ගනිමින්.

පිරිමි හා කාන්තා යන අංශ දෙකේම ජාත්‍යන්තර පන්දුවාර 20යි 20 තරග සදහා මෙම නව නීතිය බලාත්මක බවයි අයි.සී.සීය සදහන් කළේ.

මීට අමතරව ද්විපාර්ශ්වික 20යි 20 ජාත්‍යන්තර තරගවල සෑම ඉනිමකම මැද, මිනිත්තු 2යි තත්ත්පර 30ක විවේක කාලයක් සිසිල් බීම පානය වෙනුවෙන් ලබා දීමට ද අයි.සී.සීය තීරණය කර තිබෙනවා.

තරගාවලිය ආරම්භ වීමට පෙර දෙරටේ ක්‍රිකට් ආයතන අතර ඇති වන එකගතාවයන් මත එම විවේක කාලය ලබා දීම සිදු කරනු ඇති.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...