ඩීන් එල්ගර්ගේ සටන්කාමී 96* දකුණු අප්‍රිකාවට විශිෂ්ඨ ජයක් ගෙන එයි

Date:

සංචාරක ඉන්දීය කණ්ඩායම සමග පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් කඩුලු 7ක ජයක් වාර්තා කරමින් දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තරග 1-1ක් ලෙස සම තත්ත්වයට ගෙන ඒමට දකුණු අප්‍රිකා කණ්ඩායම අද(6) සමත් වුණා.

ජොහැනස්බර්ග් හි වොන්ඩරස් ක්‍රීඩාංගනයේ පැවැති දෙවැනි ටෙස්ට් තරගය ජය ගැනීම සදහා දකුණු අප්‍රිකාවට සිය දෙවැනි ඉනිමේ දී ලකුණු 240ක ඉලක්කයක් හිමි වූ අතර, ඔවුන් එය කඩුලු 3ක් පමණක් දැවී සිටියදී පසු කර ගියා. (243/3)

මෙය වොන්ඩරස් ක්‍රීඩාංගනයේ දී ඉන්දීය කණ්ඩායම ටෙස්ට් තරගයක් පරාජයට පත් වූ පළමු අවස්ථාව වීම විශේෂත්වයක්.

තරගයේ සිව්වන දිනය වූ අද(6) දිනයට වර්ෂාවෙන් දැඩි බාධා එල්ල වූ බැවින් තරගය ආරම්භ කෙරුණේ පැය කිහිපයක් ප්‍රමාද වීමෙන් පසුවයි. දිනය ආරම්භ කරන විට දකුණු අප්‍රිකාව සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 2ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 118 ක්.

දකුණු අප්‍රිකාව තරගයේ ජයග්‍රහනය වෙත රැගෙන ගිය නායක ඩීන් එල්ගර් සටන්කාමී ඉනිමක් දියත් කරමින් පන්දු 188කින් ලකුණු 96ක් නොදැවී රැස් කළා.

රසී වැන් ඩර් ඩුසේන් ලකුණු 40යි. ඔවුන් දෙදෙනා අතර තෙවැනි කඩුල්ල සදහා ගොඩ නැගුණු සබදතාවය ලකුණු 82ක්.

අනතුරුව ටෙම්බා බවුමා හා එල්ගර් අතර ද ලකුණු 68ක නොබිදුණු සබදතාවයක් ගොඩ නැගුණා. බවුමා නොදැවී ලකුණු 23යි.

ඒඩ්න් මාක්‍රම් ලකුණු 31ක් හා කීගන් පීටර්සන් ලකුණු 28 ක් රැස් කරමින් දකුණු අප්‍රිකා මුල් පෙල ශක්තිමත් කළා.

පන්දු යැවීමේ දී මොහොමඩ් ෂාමි, ශර්දුල් තාකූර් හා රවිචන්ද්‍රන් අශ්වින් එක් කඩුල්ල බැගින් බිද හෙලුවා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව ලකුණු 202ක් ලබා ගත් අතර, පිළිතුරු ලෙස දකුණු අප්‍රිකාව සියලු දෙනා දැවී ලකුණු 229ක් රැස් කළා.

අනතුරුව ඉන්දියාව සිය දෙවැනි ඉනිමට ලබා ගත් ලකුණු සංඛ්‍යාව 266ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...