කාන්තා අලුබදුන තරගාවලියේ සංශෝදනයක්

Date:

කාන්තා අලුබදුන ක්‍රිකට් තරග මාලාවේ කාලසටහනෙහි සංශෝදනයක් සිදු කර තිබෙනවා.

ඒ අනුව අලුබදුන තරග මාලාව මීට පෙර සැලසුම් කළ දිනට වඩා සතියකට පෙර ආරම්භ කරන බවයි ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

අලුබදුන තරග මාලාව ලබන 20 වැනිදා ආරම්භ වන්නේ ඔස්ට්‍රේලියාව හා එංගලන්තය අතර පැවැත්වෙන තරග 3කින් යුත් 20යි 20 තරගාවලියත් සමගින්.

දෙවැනි 20යි 20 තරගය ලබන 22 වනදා ද, තෙවැනි 20යි 20 තරගය ලබන 23 වනදා ද පැවැත්වීමට නියමිත අතර, සියලු තරග ඇඩිලේඩ්හී දී (Adelaide Oval) පැවැත්වීමට නියමිතයි.

අනතුරුව දෙරට අතර පැවැත්වෙන ටෙස්ට් තරගය ලබන 27 වනදා කැන්බරාහී දී (Manuka Oval) ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

තරග 3කින් යුත් එක්දින තරගාවලියේ පළමු තරගය ද කැන්බරා හී දී පැවැත්වෙන්නේ පෙබරවාරි 3 වනදායි.

දෙවැනි හා තෙවැනි එක්දින තරග මෙල්බර්න්හී දී (Junction Oval) පෙබරවාරි 6 වනදා හා 8 වැනිදා පැවැත්වෙන බවයි ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

මාර්තු 3 වනදා නවසීලන්තයේ දී ආරම්භ වන කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා සහභාගී වීමේ දී ක්‍රීඩිකාවන් මුහුණ දිය යුතු නිරෝධායන කාලසීමාවන් ගත කිරීම සදහා අවශ්‍ය ප්‍රමාණවත් කාලය ලබා දීමේ අරමුණින් මෙලෙස කාන්තා අලුබදුන තරග මාලාවේ තරග කාලසටහන සංශෝදනය කර තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...