දෙවැනි ටෙස්ට් තරගයේ වැඩි වාසි 240ක ඉලක්කයක් හඹා යන දකුණු අප්‍රිකාවට

Date:

සංචාරක ඉන්දීය කණ්ඩායම හා දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අද(5) නිමා වුණේ තරගයේ ජයග්‍රහනය පිළිබද වැඩි බලාපොරොත්තු දකුණු අප්‍රිකාවට හිමි කර දෙමින්.

දිනය නිමා වන විට සිය දෙවැනි ඉනිමේ දී ලකුණු 240ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යමින් සිටි දකුණු අප්‍රිකාව කඩුලු 2ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 118ක්.

ඒ අනුව ජොහැනස්බර්හි වොන්ඩරස් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන මෙම ටෙස්ට් තරගය ජය ගනිමින් තරග 3කින් යුත් ටෙස්ට් තරගාවලිය තරග 1-1ක් ලෙස සම තත්ත්වට පත් කර ගැනීමටනම් දකුණු අප්‍රිකාව තවත් ලකුණු 122ක් ලබා ගත යුතුයි.

නොදැවී පන්දුවට පහර දෙමින් සිටින නායක ඩීන් එල්ගර් ලකුණු 46ක් හා රසී වැන් ඩර් ඩුසේන් ලකුණු 11ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

ඒඩ්න් මාක්‍රම් ලකුණු 31කට දැවී ගිය අතර, කීගන් පීටර්සන් ලකුණු 28ක් රැස් කළා.

අද දිනට තරගය ආරම්භ කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඉන්දියාව කඩුලු 2ක් දැවී ලකුණු 85ක් ලබා සිටි අතර, ඔවුන් සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 266 ක්.

දිගින් දිගටම අසාර්ථක වූ පිතිකරුවන් දෙදෙනෙකු වූ අජින්කෙයා රහානේ ලකුණු 58ක් ද , චෙටස්වර් පුජාරා ලකුණු 53ක් ද ලබා ගනිමින් ඉන්දීය ඉනිම ශක්තිමත් කළා.

ඔවුන් දෙදෙනා අතර තෙවැනි කඩුල්ල වෙනුවෙන් ගොඩ නැගුණු සබදතාවය ලකුණු 111ක්.

හනුමා විහාරි නොදැවී ලකුණු 40යි.

ඉන්දීය ඉනිමේ අවසන් පන්දුවාර කිහිපයේ දී ජස්ප්‍රිට් බුම්රා හා මාර්කෝ ජන්සෙන් අතර යම් උණුසුම් වචන හුවමාරුවක් ද සිදු වනු දක්නට ලැබුණා. (ඊට අදාළ වීඩියෝ දර්ශන කිහිපයක් පහතින්)

පන්දු යැවීමේ දී කාගිසෝ රබාඩා, ලුන්ගි එන්ගිඩී හා මාර්කෝ ජන්සෙන් කඩුලු 3 බැගින් බිද හෙලුවා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව සියලු දෙනා දැවී ලකුණු 202 ක් ලබා ගත් අතර, පිළිතුරු ලෙස දකුණු අප්‍රිකාව සිය පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 229 ක් රැස් කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...