මැක්ස්වෙල්ටත් කොරෝනා ; බිග් බෑෂ් ලීගයට කොරෝනාවෙන් දැඩි ප්‍රහාරයක්

Date:

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක, මෙල්බර්න් ස්ටාර්ස් කණ්ඩායමේ නායක ග්ලේන් මැක්ස්වෙල්ට කොවිඩ් 19 ආසාදනය වී තිබෙනවා.

මෙවර බිග් බෑෂ් ලීග් තරගාවලිය අතරතුර දී ඔහුට මෙලෙස කොවිඩ් 19 ආසාදනය වී ඇති බව හදුනා ගෙන ඇති අතර, ඒ අනුව ඔහු මේ වන විට හුදකලා කිරීමකට ලක් කර ඇති බවයි විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළේ.

කොවිඩ් 19 ආසාදනය වූ බවට හදුනා ගත් මෙල්බර්න් ස්ටාර්ස් කණ්ඩායමේ 13 වැනි ක්‍රීඩකයා වන්නේ ඔහුයි.

මේ අතර, බ්‍රිස්බේන් හීට් කණ්ඩායමේ ද ක්‍රීඩකයින් 12 දෙනෙකුට වෛරසය ආසාදනය වී තිබෙනවා.

ඒ හේතුවෙන් බිග් බෑෂ් ලීග් තරගාවලිය යටතේ බ්‍රිස්බේන් හීට් හා සිඩ්නි සික්සර්ස් කණ්ඩායම් අතර අද(5) පැවැත්වීමට නියමිතව තිබූ තරගය අවලංගු කිරීමට ද සංවිධායකයින් පියවර ගත්තා.

මේ වන විට බිග් බෑෂ් ලීග් තරගාවලියට ක්‍රීඩා කරන කණ්ඩායම් 5කින් කොවිඩ් 19 ආසාදිතයින් වාර්තා වී තිබීම විශේෂත්වයක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...