වර්ෂාවෙන් බාධා එල්ල වූ පළමු දිනයේ වැඩි ගෞරව එංගලන්තයට

Date:

සංචාරක එංගලන්ත කණ්ඩායම හා ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැත්වෙන අලුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ සිව්වන තරගය අද(5) සිඩ්නි ක්‍රීඩාංගනයේ දී ආරම්භ වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියාව පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

කෙසේ වෙතත්, පළමු දිනට වර්ෂාවෙන් දැඩි බාධා එල්ල වූ බැවින් අද දිනයේ දී ක්‍රියාත්මක කිරීමට හැකි වූයේ පන්දුවාර 46.5 ක් පමණයි.

දිනය නිමා වන විට ඔස්ට්‍රේලියාව සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 3ක් දැවී ලකුණු 126 ක් ලබා සිටියා.

ඩේවිඩ් වෝනර් ලකුණු 30කටත්, මර්කස් හැරිස් ලකුණු 38කටත්, මර්නස් ලබුෂේන් ලකුණු 28කටත් දැවී ගියා.

ස්ටීවන් ස්මිත් නොදැවී ලකුණු 6ක් හා උස්මාන් කවාජා නොදැවී ලකුණු 4ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

පන්දු යැවිමේ දී ජේම්ස් ඇන්ඩර්සන්, ස්ටුවට් බ්‍රෝඩ් හා මාර්ක් වුඩ් අතරේ කඩුල්ල බැගින් බෙදී ගියා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...