භානුකගේ සමු ගැනීමේ තීරණය ගැන මාලිංගගෙන් ප්‍රකාශයක්

Date:

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්ෂගෙන් ශ්‍රී ලංකා හිටපු සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ඉල්ලීමක් සිදු කර තිබෙනවා.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් මාලිංග ඉල්ලා සිටින්නේ ජාත්‍යන්තර පිටියෙන් සමු ගැනීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් යළි සලකා බලන ලෙසයි.

“ජාත්‍යන්තර මට්ටමින් ඔබේ රට නියෝජනය කිරීම පහසු කාර්යයක් නොවේ. ක්‍රීඩකයන් හැමවිටම අභියෝග රැසකට මුහුණ දෙනවා.” යනුවෙන් මාලිංග සදහන් කළා.

“භානුක රාජපක්ෂට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට දිය හැකි තවත් බොහෝ දේ ඇති බව මම සැබවින්ම විශ්වාස කරනවා. ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට ගත් තීරණය ගැන නැවත සලකා බලන ලෙස මම ඔහුගෙන් ඉල්ලා සිටිනවා”

ALSO READ : භානුක රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දීමට තීරණය කරයි

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...