නවසීලන්තය පරදා බංග්ලාදේශය ලැබූ සුපිරි ටෙස්ට් ජය ඉතිහාසගත වූ හැටි

Date:

නවසීලන්තය පරදා ඓතිහාසික ටෙස්ට් තරග ජයග්‍රහනයක් වාර්තා කිරීමට බංග්ලාදේශ කණ්ඩායම අද(5) සමත් වුණා.

ඒ, නවසීලන්තයේ මවුන්ට් මංගනුයිහී දී පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් කඩුලු 8ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින්.

බංග්ලාදේශ කණ්ඩායම නවසීලන්තයට එරෙහිව ලැබූ පළමු ටෙස්ට් ජය ලෙසයි එය ඉතිහාසයට එක් වුණේ.

එමෙන්ම බංග්ලාදේශ කණ්ඩායම නවසීලන්තයේ දී කුමන හෝ තරග රටාවක් තුළින් (ටෙස්ට්, එක්දින, 20යි 20) ලැබූ පළමු ජාත්‍යන්තර තරග ජයග්‍රහනය ලෙස ද මෙම ජයග්‍රහනය ඉතිහාසගත වනවා.

තවද අයි.සී.සී ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථාන 5 තුළ රැදී සිටින කණ්ඩායමකට එරෙහිව බංග්ලාදේශය සිය රටින් පිටතදී ලැබූ පළමු ටෙස්ට් ජය වන්නේ මෙම ජයග්‍රහනයයි.

තරගයේ අවසන් දිනය අද ආරම්භ වන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි නවසීලන්තය කඩුලු 5ක් දැවී ලකුණු 147 ක් ලබා සිටි නමුත්, ඔවුන්ට සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 169ක් පමණයි.

විල් යන්ග් ලකුණු 69ක් හා රෝස් ටේලර් ලකුණු 40ක් රැස් කළා.

පන්දු යැවීමේ දී එබඩොට් හුසේන් ලකුණු 46 කට කඩුලු 6ක් දවා ගත්තා. තරගයේ වීරයා ලෙස ද සම්මානයෙන් පිදුම් ලැබුවේ ඔහුයි.

තරගය ජය ගැනීම සදහා ලකුණු 40 ක ඉලක්කයක් බංග්ලාදේශයට හිමි වූ අතර, ඔවුන් එය කඩුලු 2ක් දැවී සිටියදී පසු කර ගියා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්තය ලකුණු 328 ක් රැස් කළ අතර, පිළිතුරු ලෙස බංග්ලාදේශය ලබා ගත් ලකුණු සංඛ්‍යාව 458 ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...