නව පත් කිරීම් දෙකක් හා මහේලගේ කොදෙව් ගමන ගැන ක්‍රිකට් ආයතනයෙන් නිවේදනයක්

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වැඩබලන පුහුණුකරු ලෙස රුමේෂ් රත්නායක මහතා පත් කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද(4) නිවේදනය කළා.

ඒ, එළඹෙන සිම්බාබ්වේ එක්දින ක්‍රිකට් තරගාවලිය අරමුණු කර ගනිමින්.

රුමේෂ් රත්නායක මහතා මේ වන විට ඉහළ කාර්යය සාධන මධ්‍යස්ථානයේ වේග පන්දු පුහුණුකරුවෙකු ලෙසයි කටයුතු කරන්නේ.

මෙතෙක් ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළ මිකී ආතර්ගේ ධූර කාලය පසුගිය දෙසැම්බර් මාසයේ දී අවසන් වුණා.

ඒ අනුව නව ප්‍රධාන පුහුණුකරුවෙකු පත් කිරිමේ කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති අතර, නව පුහුණුකරුවෙකු පත් කිරීමට තවත් සති කිහිපයක කාලයක් ගත වනු ඇති.

මේ අතර, සිම්බාබ්වේ තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස රුවින් පීරිස් මහතා පත් කර තිබෙනවා.

ඔහු ද ඉහළ කාර්යය සාධන මධ්‍යස්ථානයේ පිතිකරණ පුහුණුකරුවෙකු ලෙස කටයුතු කරනවා.

මේ අතර, එළඹෙන යොවුන් ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සමග ශ්‍රී ලංකා උපදේශක පුහුණුකරු මහේල ජයවර්ධන මහතා රැදී සිටින බව ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තහවුරු කළා.

ඒ අනුව ඔහු එළඹෙන 9 වැනිදා තරගාවලිය පැවැත්වෙන බටහිර ඉන්දීය කොදෙව් දූපත් වෙත පිටත්ව යාමට නියමිත බවයි ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

ජනවාරි 14 වැනිදා ආරම්භ වීමට නියමිත යොවුන් ලෝක කුසලාන තරගාවලිය සදහා ක්‍රීඩා කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම මේ වන විටත් කොදෙව් දූපත් හි රැදී සිටිනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...