උස්මාන් කවාජා සිව්වැනි අලුබදුන ටෙස්ට් තරගයට

Date:

එංගලන්තය සමග පැවැත්වෙන සිව්වන අලුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා ක්‍රීඩා කරන ඔස්ට්‍රේලියානු කණ්ඩායම නායක පැට් කමින්ස් විසින් අද(4) තහවුරු කළා.

ඒ අනුව තෙවැනි තරගය සදහා ක්‍රීඩා කළ කණ්ඩායම හා සැසදීමේ දී ඔස්ට්‍රේලියානු කණ්ඩායමට සිදු කර ඇත්තේ එක් වෙනස්කමක් පමණයි.

කොවිඩ් 19 ආසාදනය වූ ට්‍රැවිස් හෙඩ් මෙම තරගයට ක්‍රීඩා නොකරන බැවින් ඔහු වෙනුවට උස්මාන් කවාජා කණ්ඩායමට කැදවා තිබෙනවා.

ආබාධවලට ලක් වූ ජොෂ් හේසල්වුඩ් හා ජයි රිචර්ඩ්සන් තවමත් සම්පූර්ණයෙන් සුවය ලබා නොමැති බැවින් තෙවැනි තරගයේ දී සුවිශේෂී පන්දු යැවීමක් ප්‍රදර්ශනය කළ ස්කොට් බෝලන්ඩ් සිව්වැනි තරගය සදහා ද නම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

දෙරට අතර පැවැත්වෙන සිව්වැනි ටෙස්ට් තරගය හෙට(5) සිඩ්නි හී දී ආරම්භ වීමට නියමිතයි.

සත්කාරක ඔස්ට්‍රේලියාව මේ වන විටත් තරග 3-0ක් ලෙස තරග 5කින් යුත් අලුබදුන තරගාවලියේ ශූරතාවය ජය ගෙන අවසන්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...