එංගලන්ත පුහුණුකරුට කොරෝනා ආසාදනය වෙයි

Date:

අලුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කිරීම වෙනුවෙන් ඔස්ට්‍රේලියාවේ රැදී සිටින එංගලන්ත ක්‍රිකට් කණඩායමේ ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ්ට කොවිඩ් 19 ආසාදනය වී තිබෙනවා.

ඔහු මේ වන විටත් මෙල්බර්න් නුවර හුදකලා වී සිටින්නේ ඔහුගේ පවුලේ සාමාජිකයෙකුට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට පසුගියදා හදුනා ගැනීම හේතුවෙන්.

46 හැවිරිදි ක්‍රිස් සිල්වර්වුඩ් එළඹෙන 8 වැනිදා දක්වා හුදකලාව සිටීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

හුදකලා වී සිටීමට සිදු වන බැවින් එංගලන්ත පුහුණුකරුට ලබන පස්වනදා සිඩ්නි හී දී ආරම්භ වන එංගලන්ත – ඔස්ට්‍රේලියා සිව්වන ටෙස්ට් තරගයට සම්බන්ධ වීමට හැකි වන්නේ නැහැ.

කෙසේ වෙතත්, ඔහුට අවසන් ටෙස්ට් තරගය සදහා එක්වීමේ අවස්ථාව හිමි වනු ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...