පළමු ටෙස්ට් තරගයේ වැඩි ගෞරව බංග්ලාදේශයට

Date:

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර මවුන්ට් මංගනුයිහී දී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය අද(2) නිමා වුණා.

ඒ වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි බංග්ලාදේශය කඩුලු 2ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 175ක්.

සිය පළමු ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කළ මහ්මුදුල් හසාන් නොදැවී ලකුණු 70ක් ලබා සිටින අතර, නජ්මුල් හුසේන් ශන්ටෝ ලකුණු 64ක් රැස් කළා.

පන්දු යැවීමේ දී බිද වැටුණු කඩුලු දෙකම දවා ගත්තේ නෙයිල් වෑග්නර් විසින්.

අද දිනය ආරම්භ කරන විට කාසියේ වාසිය දිනූ බංග්ලාදේශයේ ආරාධනයෙන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දෙමින් සිටි නවසීලන්තය කඩුලු 5ක් දැවී ලකුණු 258ක් ලබා සිටි අතර, ඔවුන්ට සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 328ක් පමණයි.

ඩෙවෝන් කොන්වේ ලකුණු 122ක් රැස් කළා. හෙන්රි නිකල්ස් ලකුණු 75යි.

පන්දු යැවීමේ දී ශොරිෆුල් ඉස්ලාම් හා මෙහිදි හසාන් කඩුලු 3 බැගින් දවා ගත්තා.

ඒ අනුව බංග්ලාදේශය පළමු ඉනිමේ දී මේ වන විට පිටුපසින් පසුවන ලකුණු සංඛ්‍යාව 153 ක්.

 

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...