කොන්වේගේ ශතකයෙන් පසු බංග්ලාදේශය යළි සටනට අවතීර්ණ වෙයි

Date:

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද(1) මවුන්ට් මංගනුයිහී දී ආරම්භ වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශය පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළ අතර, ඒ අනුව තරගයේ පළමු දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි නවසීලන්තය කඩුලු 5ක් දැවී ලකුණු 258ක් ලබා සිටියා.

නිත්‍ය නායක කේන් විලියම්සන් ආබාධයක් හේතුවෙන් මෙම තරගාවලියට ක්‍රීඩා නොකර බැවින් නවසීලන්ත කණ්ඩායමේ වැඩබලන නායකයා ලෙස කටයුතු කරන ආරම්භක පිතිකරු ටොම් ලේතම් එක් ලකුණකට දවා ගැනීමට ශොරිෆුල් ඉස්ලාම් සමත් වුණා.

ඒ වන විට නවසීලන්ත ලකුණු පුවරුව ද එක් ලකුණක් ලෙස සටහන්ව තිබූ අතර, අනතුරුව දෙවන කඩුල්ල සදහා විල් යන්ග් හා ඩෙවෝන් කොන්වේ ලකුණු 138ක සබදතාවයක් ගොඩ නැගුවා.

විල් යන්ග් ලකුණු 52කට දුවද්දී දැවී යාම හේතුවෙනුයි එම සබදතාවය බිද වැටුණේ.

කොන්වේ අද දිනයේ දී සිය දෙවන ටෙස්ට් ශතකය වාර්තා කරමින් රැස් කළ ලකුණු සංඛ්‍යාව 122ක්.

සිය අවසන් ටෙස්ට් තරගාවලිය ක්‍රීඩා කරන රෝස් ටේලර් නවසීලන්ත පළමු ඉනිම වෙනුවෙන් ලබා ගත්තේ ලකුණු 31ක් පමණයි.

ටොම් බ්ලන්ඩල් ලකුණු 11කට දැවී ගියා. නොදැවී පන්දුවට පහර දෙන හෙන්රි නිකල්ස් ලකුණු 32යි.

පන්දු යැවීමේ දී ශොරිෆුල් ඉස්ලාම් කඩුලු 2ක් දවා ගත් අතර, මොමිනුල් හක් හා එබඩොට් හුසේන් එක් කඩුල්ල බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...