Update : ආසියානු ශූරයින් වෙන්න ඉන්දියාවට ලකුණු 102ක ඉලක්කයක්

Date:

ශ්‍රී ලංකාවට එරෙහි යොවුන් ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ජය ගනිමින් ආසියානු ශූරතාවය හිමි කර ගැනීම සදහා ඉන්දීය යොවුන් කණ්ඩායමට ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ පන්දුවාර 38ක් තුළ ලකුණු 102ක ඉලක්කයක් හිමිව තිබෙනවා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉනිම අවසන් වීමෙන් පසුව මීට පෙර නිවේදනය කර තිබුණේ තරගය ජය ගැනීමට ඉන්දියාව ලකුණු 99ක් ලබා ගත යුතු බවටයි.

තරගය ඩුබායි හී දී පැවැත්වෙන අතර, කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දුවට පහරදීමටයි තීරණය කළේ.

ශ්‍රී ලංකාව පන්දුවාර 33ක් අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 74ක් ලබා සිටියදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුණා.

පසුව එක් ඉනිමක් පන්දුවාර 38කට සීමා කිරීමටයි විනිසුරුවන් තීරණය කළේ.

නියමිත පන්දුවාර 38 අවසානයේ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම කඩුලු 9ක් දැවී ලබා ගත්තේ ලකුණු 106ක් පමණයි.

ඉනිම ආරම්භයේ සිටම ශ්‍රී ලංකා පිතිකරුවන්ට දැඩි තර්ජනයක් එල්ල කිරීමට ඉන්දීය පන්දු යවන්නන් සමත් වුණා.

ඒ අනුව අවසන් පූර්ව තරගයේ දී මෙන්ම මෙම තරගයේ දී ද ශ්‍රී ලංකා මුල්පෙල හා මැදපෙල පිතිකරුවන් අසාර්ථක වීම විශේෂත්වයක්.

නම් දැරූ පිතිකරුවන් අතරින් ලකුණු 10 සීමාව පසු කිරීමට හැකි වූයේ සදිෂ රාජපක්ෂට පමණයි. ඔහු ලකුණු 14ක් රැස් කළා.

යසිරු රොද්‍රිගෝ නොදැවී ලකුණු 19ක් ලබා ගත් අතර, රවීන් ද සිල්වා ලකුණු 15කටත්, මතීෂ පතිරණ ලකුණු 14කටත් දැවී ගියා.

පන්දු යැවීමේ දී විකී ඔස්ට්වල් කඩුලු 3ක් හා කෞෂාල් ටම්බෙ කඩුලු 2ක් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...