ශ්‍රී ලංකාව අභිබවා ඕස්ට්‍රේලියාව පළමු තැනට

Date:

අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමි කර ගැනීමට ඔස්ට්‍රේලියාව සමත්ව තිබෙනවා.

ඒ, එංගලන්තය සමග පැවැති තෙවැනි ටෙස්ට් තරගයෙන් ඔවුන් ලැබූ ඉනිමක ජයත් සමගින්.

ඒ අනුව ඔස්ට්‍රේලියාවට මේ වන විට 100%ක ලකුණු ප්‍රතිශතයක් සමගින් ප්‍රසාද ලකුණු 36ක් හිමිව ඇති අතර, මෙතෙක් ඔවුන් සමග සම ලකුණු ප්‍රතිශතයකට හා ප්‍රසාද ලකුණු ප්‍රමාණයකට හිමිකම් කියමින් පළමු ස්ථානයේ පසු වූ ශ්‍රී ලංකාව දෙවැනි ස්ථානයට පත්ව තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ලකුණු ප්‍රතිශතය 100%ක් වුව ද, හිමිව ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව වන්නේ 24ක්.

7 වැනි ස්ථානයේ පසුවන එංගලන්තයේ ලකුණු ප්‍රතිශතය මේ වන විට දැක්වෙන්නේ 07.14ක් ලෙසයි.

නවතම ප්‍රසාද ලකුණු සටහන –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...