එංගලන්තය 68කට සීමා කරමින් බෝලන්ඩ් ප්‍රමුඛ ඔස්ට්‍රේලියානුවන් අලුබදුන ජය ගනියි

Date:

සංචාරක එංගලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන තරග 5කින් යුත් අලුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගයෙන් ඉනිමක හා ලකුණු 14ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් අලුබදුන ශූරතාවය තවදුරටත් තමන් සතු කර ගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම අද(28) සමත් වුණා.

මෙවර තරගාවලියේ පළමු තරග දෙකම ජය ගෙන සිටි ඔස්ට්‍රේලියාව තෙවැනි තරගයට ප්‍රවිෂ්ඨ වුණේ තරග දෙකක් ඉතිරිව තිබියදීම අලුබදුන තරගාවලියේ ශූරතාවය තවදුරටත් තමන් සතු කර ගැනීමේ අරමුණින්.

මෙල්බර්න්හි පැවැති තෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වූ අද දිනය ආරම්භ කරන විට කඩුලු 4ක් දැවී ලකුණු 31ක් ලබා සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි එංගලන්තයට සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 68ක් පමණයි.

ජෝ රූට් ලකුණු 28ක් හා බෙන් ස්ටොක්ස් ලකුණු 11ක් රැස් කළ නමුත්, සෙසු කිසිදු පිතිකරුවෙකු ලකුණු 10 සීමාව පසු කර ගියේ නැහැ.

පන්දු යැවීමේ දී සුවිශේෂී දක්ෂතාවයක් ප්‍රදර්ශනය කළ, සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ ස්කොට් බෝලන්ඩ් ලකුණු 7කට කඩුලු 6ක් දවා ගත්තා.

තරගයේ වීරයා ලෙස ද සම්මානයෙන් පිදුම් ලැබුවේ ඔහුයි.

මිචෙල් ස්ටක් කඩුලු 3ක් හා කැමරන් ග්‍රීන් එක් කඩුල්ලක් බිද හෙලුවා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය සියලු දෙනා දැවී ලකුණු 185ක් ලබා ගත් අතර, පිළිතුරු ලෙස ඔස්ට්‍රේලියාව ලකුණු 267ක් රැස් කළා.

ඒ අනුව එංගලන්ත පිතිකරුවන් දිගින් දිගටම දැක් වූ අසාර්ථක පිතිහරඹය හමුවේ මෙවර අලුබදුන තරගාවලියේ පළමු තරග තුනම ජය ගත් ඔස්ට්‍රේලියාව මේ වන විට තරග 3-0ක් ලෙස තරගාවලියේ ජය තහවුරු කර ගෙන සිටිනවා.

අවසන් වරට එංගලන්තය අලුබදුන තරගාවලියක් ජය ගත්තේ 2015 වසරේ දී (3-2) වන අතර, 2017/18 තරග වාරයේ දී එහි ශූරතාවය ඔස්ට්‍රේලියාවට (4-0) හිමි වුණා.

2019 වසරේ පැවැති අලුබදුන තරගාවලිය තරග 2-2ක් ලෙස සම තත්ත්වයෙන් අවසන් කර ගනිමින් අලුබදුන තමන් සන්තකයේම රදවා ගැනීමට ඔස්ට්‍රේලියාව සමත් වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...