BPL ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ දී (Draft) තෝරා ගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ලැයිස්තුව

Date:

බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් හෙවත් බී.පී.එල් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක කෙටුම්පත් කිරීම හෙවත් ක්‍රීඩකයින් තෝරා ගැනීමේ කටයුතු (Draft) අද(27) සිදු කෙරුණා.

එහිදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම කණ්ඩායම් කිහිපයක් විසින් තෝරා ගැනීම විශේෂත්වයක්.

කෙටුම්පත් කිරීමේ අවස්ථාවට පෙර ද ධනුෂ්ක ගුණතිලක සමග ෆෝර්චුන් බරිසල් කණ්ඩායම ( fortune barishal) ගිවිසුම් ගතව තිබුණා.

කුල්නා ටයිගර්ස් කණ්ඩායම සමග ගිවිසුම් ගතව තිබුණේ තිසර පෙරේරා හා භානුක රාජපක්ෂ යන ක්‍රීඩකයින්.

සිල්හෙට් කණ්ඩායම දිනේෂ් චන්දිමාල් සමග ද, ඩකා කණ්ඩායම ඉසුරු උදාන සමග ද කෙටුම්පත් කිරීමේ අවස්ථාවට පෙර ගිවිසුම් ගතවුණා.

කෙටුම්පත් කිරීමේ අවස්ථාවේ දී කුල්නා ටයිගර්ස් කණ්ඩායම විසින් සීක්කුගේ ප්‍රසන්න සිය කණ්ඩායමට තෝරා ගනු ලැබුවා.

ඇන්ජෙලෝ පෙරේරා මිලදී ගනු ලැබුවේ සිල්හෙට් කණ්ඩායම විසිනුයි.

ෆෝර්චුන් බරිසල් කණ්ඩායම විසින් නිරෝෂන් දික්වැල්ල තෝරා ගනු ලැබුවා.

ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ දී කුසල් මෙන්ඩිස් කොමිල්ලා වික්ටෝරියන්ස් කණ්ඩායම විසිනුයි තෝරා ගෙන ඇත්තේ.

බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මීළග තරග වාරය ජනවාරි 21 වනදා ආරම්භ වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...