දෙවැනි දිනයේ දී කඩුලු 13ක් දැවී යයි; තරගයේ පාලනය ඔස්ට්‍රේලියාවට

Date:

ඕස්ට්‍රේලියාව හා එංගලන්තය අතර පැවැත්වෙන තෙවන අලුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අද(27) නිමා වුණේ තරගයේ වැඩි වාසි ඔස්ට්‍රේලියාවට හිමි කර දෙමින්.

දිනය නිමා වන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි එංගලන්තය කඩුලු 4ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 31ක්.

සැක් ක්‍රව්ලි ලකුණු 5කට ද, ඩාවිඩ් මලාන් ලකුණු නොලබා පළමු පන්දුවෙන් ද, හසීබ් හමීඩ් ලකුණු 7කට ද දැවී ගිය අතර, රාත්‍රී මුරකරු හෙවත් නයිට් වොච්මන් ලෙස පිටියට පිවිසි ජැක් ලීච් ලකුණු නොලබා ද දැවී ගියා.

නායක ජෝ රූට් නොදැවී ලකුණු 12ක් හා බෙන් ස්ටොක්ස් නොදැවී ලකුණු 2ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

පන්දු යැවීමේ දී මිචෙල් ස්ටක් හා ස්කොට් බොලන්ඩ් කඩුලු 2 බැගින් දවා ගත්තා.

අද දිනය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඔස්ට්‍රේලියාව කඩුල්ලක් දැවී ලකුණු 61ක් ලබා සිටි අතර, ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ සියලු පිතිකරුවන් පන්දුවාර 87.5ක් තුළ ලකුණු 267කට සීමා කිරීමට එංගලන්ත පන්දු යවන්නන් සමත් වුණා.

මාර්කස් හැරිස් ලකුණු 76ක්, ඩේවිඩ් වෝනර් ලකුණු 38ක් හා ට්‍රැවිස් හෙඩ් ලකුණු 27ක් ලබා ගත්තා.

ලොව අංක එකේ ටෙස්ට් පිතිකරු මර්නස් ලබුෂේන් එක් ලකුණකටත්, ස්ටීවන් ස්මිත් ලකුණු 16කටත් දැවී ගියා.

පන්දු යැවීමේ දී ජේම්ස් ඇන්ඩර්සන් කඩුලු 4ක් දවා ගත් අතර, ඔලී රොබින්සන් හා මාර්ක් වුඩ් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

ඒ අනුව අද දිනයේ දී දැවී ගිය සමස්ත කඩුලු ගණන 13ක්.

මෙල්බර්න්හි පැවැත්වෙන තරගයේ පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය සියලු දෙනා දැවී පළමු ඉනිමට රැස් කළ ලකුණු සංඛ්‍යාව 185ක්.

ඒ අනුව එංගලන්තය මේ වන විට දෙවන ඉනිමේ දී පිටුපසින් පසුවන ලකුණු සංඛ්‍යාව 51ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...