ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සිව් දෙනෙකු සමග BPL කණ්ඩායම් ගිවිසුම් ගත වෙයි

Date:

තවත් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කිහිප දෙනෙකු සමග බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට තරග කරන කණ්ඩායම් කිහිපයක් ගිවිසුම් ගතවී තිබෙනවා.

අද(27) පැවැත්වෙන ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ අවස්ථාවට (Draft) පෙර මෙම ගිවිසුම් ගතවීම් සිදු කර ඇති අතර, ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ අවස්ථාව සදහා ද ශ්‍රී ලංකා ක්‍රීඩකයින් රැසක් ඉදිරිපත්ව සිටිනවා.

කෙටුම්පත් කිරීමට පෙර fortune barishal කණ්ඩායම සමග ධනුෂ්ක ගුණතිලක ගිවිසුම් ගතව තිබෙනවා.

එම කණ්ඩායම සදහා ශකිබ් අල් හසාන්, ක්‍රිස් ගේල් හා ඇෆ්ඝනිස්තානයේ මුජීබ් රෙහ්මාන් ද ඇතුළත්.

කුල්නා ටයිගර්ස් කණ්ඩායම සමග ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙදෙනෙකු ගිවිසුම් ගතව තිබීම විශේෂත්වයක්.

තිසර පෙරේරා හා භානුක රාජපක්ෂ යන ක්‍රීඩකයින් සමගයි එම කණ්ඩායම ගිවිසුම් ගතවී ඇත්තේ.

මීට පෙර සිල්හෙට් කණ්ඩායම දිනේෂ් චන්දිමාල් සමග ගිවිසුම් ගත වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...