ශ්‍රී ලංකාවට දෙවැනි තරගයෙනුත් පහසු ජයක්

Date:

යොවුන් ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සිය දෙවැනි ජයග්‍රහනය ද වාර්තා කිරීමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම අද(26) සමත් වුණා.

නේපාල වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට එරෙහිව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජාහී දී පැවැති මෙම තරගයෙන් ශ්‍රී ලංකාව ජය වාර්තා කළේ ලකුණු 60කින්.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 322ක් ලබා ගත්තා.

ඒ, චමිදු වික්‍රමසිංහ හා සධීෂ රාජපක්ෂ වාර්තා කළ ශතකවලින් සවිමත් වෙමින්.

චමිදු ලකුණු 111ක් ද , සධීෂ ලකුණු 131ක් ද රැස් කළ අතර, නායක දුනිත් වෙල්ලාලගේ නොදැවී ලකුණු 34යි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නේපාලය පන්දුවාර 47.5ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 262ක් පමණයි.

පන්දු යැවීමේ දී මතීෂ පතිරණ හා රවීන් ද සිල්වා කඩුලු 3 බැගින් බිද හෙලුවා.

මෙවර යොවුන් ආසියානු කුසලාන තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කළ පළමු තරගයෙන් ඔවුන් ජය වාර්තා කළේ කුවේට් කණ්ඩායමට එරෙහිවයි.

මූලික වටයේ දී ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම ක්‍රීඩා කරන අවසන් තරගය එළඹෙන 28 වනදා බංග්ලාදේශ යොවුන් කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිතයි.

මේ අතර, ඊයේ පැවැති තරගවලින් ඉන්දියාව පරදා පාකිස්තානය ද, කුවේට් කණ්ඩායම පරදා බංග්ලාදේශය ද, එක්සත් අරාබි එමීර් රාජ්‍යය පරදා ඇෆ්ඝනිස්තානය ද ජයග්‍රහන වාර්තා කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...