LPL අවසන් තරගයේ ප්‍රවේශ පත්‍රවලට වුණ දේ

Date:

අද පැවැත්වීමට නියමිත ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ සියලු ප්‍රවේශපත්‍ර මේ වන විට අලෙවි වී අවසන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් ප්‍රේක්ෂකාගාර තුළට ඇතුළත් කර ගත හැකි ප්‍රේක්ෂක ධාරිතාවයෙන් 50% පිරිසකට පමණයි මෙවර තරගාවලියේ දී තරග නැරඹීමට අවස්ථාව හිමි වුණේ.

තරග නැරඹීමට පැමිණෙන්නන් කොරෝනා වෛරසයට එරෙහි එන්නත් මාත්‍රා දෙකම ලබා ගත් පුද්ගලයින් ද විය යුතුයි.

තරගාවලියේ අවසන් මහා තරගය අද රාත්‍රී 7.30ට හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...