තරග 15ක් ක්‍රීඩා කිරීම සදහා නවසීලන්ත කණ්ඩායම ආරක්ෂාව නෑ කියූ පාකිස්තානයට

Date:

නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම ඉදිරියේ දී තරග 15ක් ක්‍රීඩා කිරීම සදහා පාකිස්තාන තරග සංචාර දෙකක නිරත වන බව දෙරටේ ක්‍රිකට් ආයතන අද(20) නිවේදනය කළා.

ඒ, ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලු සහගත තත්ත්වයක් පවතින බව පවසා නවසීලන්ත කණ්ඩායම පසුගිය සැප්තැම්බර් මාසයේ දී සිය පාකිස්තාන තරග සංචාරය අවසන් මොහොතේ අවලංගු කර එරටින් පිටව ගිය පසුබිමකයි.

2022 දෙසැම්බර් හා 2023 ජනවාරි මාසවලදී නවසීලන්ත කණ්ඩායම පාකිස්තානයේ රැදී සිටින්නේ ඉදිරි තරග සංචාර කාලටසහනට (FTP) අනුව යෙදී ඇති ටෙස්ට් තරග දෙකකට හා එක්දින තරග 3කට ක්‍රීඩා කිරීම සදහායි.

අනතුරුව නවසීලන්ත කණ්ඩායම 2023 වසරේ අප්‍රේල් මාසයේ දී යළි පාකිස්තානයට පැමිණෙන්නේ එක්දින තරග 5ක් හා 20යි 20 තරග 5ක් ක්‍රීඩා කිරීම වෙනුවෙන්.

එම තරග සංචාරය යොදා ඇත්තේ පසුගිය සැප්තැම්බර් මාසයේ දී අවලංගු කෙරුණු තරග සංචාරය වෙනුවෙනුයි.

ටෙස්ට් තරග දෙක හා එක්දින තරග 3 පිළිවෙලින් ලෝක ටෙස්ට් ශූරතාවලියට හා ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීගයට අයත් වනවා.

නවසීලන්ත කණ්ඩායම අනතුරුව සිදු කරන පාකිස්තාන තරග සංචාරයට අයත් සීමිත පන්දුවාර තරග 10 අයි.සී.සී ශ්‍රේණිගත කිරීම් වෙනුවෙන් පවත්වනු ලබනවා.

තරගවලට අදාළ තරග කාලසටහන ඉදිරියේ දී ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...