ක්‍රීඩකයින්ගෙන් 76%ක් සිව්දින ටෙස්ට් තරග සදහා විරෝධය පල කරයි

Date:

ක්‍රිකට් ක්‍රීඩකයින්ගෙන් 76% දෙනෙකු සිව්දින ටෙස්ට් ක්‍රිකට් තරග සදහා අකමැත්ත පල කර ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සංගමය (Federation of International Cricketers’ Associations) (FICA) පවසනවා.

ඒ්, වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩකයින් 277 දෙනෙකු යොදා ගනිමින් සිදු කළ සමීක්ෂණයක් ඔස්සේ නිකුත් කළ වාර්ෂික ක්‍රීඩක වාර්තාව තුළින්.

ක්‍රීඩකයින් 82%ක් ටෙස්ට් ක්‍රීඩාව ක්‍රිකට් ක්‍රීඩාවේ වඩාත් වැදගත්ම තරග රටාව ලෙස පිළිගන්නා බව ද එම වාර්තාව පෙන්වා දෙනවා.

එමෙන්ම ප්‍රමාණවත් ටෙස්ට් තරග ප්‍රමාණයක් ක්‍රීඩා නොකරන බවට ක්‍රීඩකයින්ගෙන් 58%ක් විශ්වාස කරන බව ද සදහන්.

තරග සංචාරයකදී අනිවාර්යයෙන්ම දිවා රාත්‍රී ටෙස්ට් තරග පැවැතිය යුතු බවට ක්‍රීඩකයින්ගෙන් 55%ක් එකග නොවන බවයි මෙම වාර්තාවෙන් අණාවරණය කර ඇත්තේ.

ක්‍රීඩකයින්ගෙන් 55% කගේ මතය වී ඇත්තේ ලෝක කුසලානයක් සදහා කණ්ඩායම් 10කට වඩා ක්‍රීඩා කළ යුතු බවයි.

මේ අතර, ඉන්දීය ක්‍රීඩකයින් අනෙකුත් 20යි 20 ලීග් තරගාවලි ක්‍රීඩා කරනු දැකීමට 81%ක ක්‍රීඩක පිරිසක් කැමැත්තෙන් පසුවන බව ද ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සංගමය නිකුත් කළ වාර්තාවේ සදහන්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...