ඔස්ට්‍රේලියාව ලකුණු 282ක් ඉදිරියෙන්

Date:

අලුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයේ තෙවන දිනය අද(18) අවසන් වුණේ තරගයේ සියලු ගෞරව ඔස්ට්‍රේලියාවට හිමි කර දෙමින්.

ඇඩිලේඩ්හී දී දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැත්වෙන තරගය අද දිනයට නතර කරන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඔස්ට්‍රේලියාව එක් කඩුල්ලක් දැවී ලකුණු 45ක් ලබා සිටියා.

මර්කස් හැරිස් නොදැවී ලකුණු 21ක් ලබා සිටින අතර, ඩේවිඩ් වෝනර් ලකුණු 13කට දුවද්දී දැවී යාමකට ගොදුරු වුණා.

අද දිනය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි එංගලන්ත කණ්ඩායමේ සියලු පිතිකරුවන් ලකුණු 236කට සීමා කිරීමට ඔස්ට්‍රේලියානු පන්දු යවන්නන් සමත් වුණේ ඔස්ට්‍රේලියාවට පළමු ඉනිමේ දී ලකුණු 237 ක වාසියක් හිමි කර දෙමින්.

එංගලන්ත ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ඩාවිඩ් මලාන් ලකුණු 80ක් රැස් කළ අතර, නායක ජෝ රූට් ලකුණු 62කට දැවී ගියා.

ඔවුන් දෙදෙනා අතර තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 138ක සබදතාවයක් ගොඩ නැගුණු නමුත්, එම සබදතාවය බිද වැටීමෙන් අනතුරුව ලකුණු 86ක් තුළ එංගලන්ත ඉනිමේ සෙසු සියලු කඩුලු දැවී යාම කැපී පෙනුණා.

පන්දු යැවීමේ දී මිචෙල් ස්ටක් කඩුලු 4ක් ද, නේදන් ලියෝන් කඩුලු 3ක් ද බිද හෙලුවා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව කඩුලු 9ක් දැවී ලකුණු 473ක් ලබා සිටියදී පළමු ඉනිම අත්හිටුවීමටයි තීරණය කළේ.

ඒ අනුව ඔස්ට්‍රේලියාව මේ වන විට ඉදිරියෙන් පසුවන ලකුණු සංඛ්‍යාව 282ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...