ලක්නව් ප්‍රධාන පුහුණුකරු ප්‍රකාශයට පත් කෙරේ

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) ක්‍රිකට් තරගාවලියට ලබන වසරේ සිට ක්‍රීඩා කරන ලක්නව් කණ්ඩායමේ පුහුණුකරු ලෙස ඇන්ඩි ෆ්ලවර් පත් කර තිබෙනවා.

සිම්බාබ්වේ කණ්ඩායමේ හිටපු නායකයෙකු වන ෆ්ලවර් එංගලන්ත කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවෙකු ලෙස ද කටයුතු කළ අතර, පසුගිය ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගවාර කිහිපයේ දී ඔහු පංජාබ් කිංග්ස් කණ්ඩායමේ පුහුණු කාර්යය මණ්ඩලයේ ද සාමාජිකයෙකු ලෙස කටයුතු කළා.

පංජාබ් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ කේ.එල් රාහුල් ලක්නව් කණ්ඩායම සමග ඉදිරියේ දී එක්වීමට නියමිතව ඇති බවටයි මාධ්‍ය වාර්තා පලවන්නේ.

බොහෝ විට ඔහු එම කණ්ඩායමේ නායකයා ලෙස ද කටයුතු කරනු ඇති.

එළඹෙන අයි.පී.එල් තරගාවලිය සදහා එක්වන නව කණ්ඩායම් දෙකක් වන ලක්නව් හා අහ්මදාබාද් කණ්ඩායම් සදහා ක්‍රීඩකයින් තිදෙනෙකු බැගින් සිය කණ්ඩායමට එක් කර ගැනීම සදහා දෙසැම්බර් 25 වනදා දක්වා කාලය ලබා දී තිබෙනවා.

සෙසු ක්‍රීඩකයින් තෝරා ගැනීමට සිදු වන්නේ ක්‍රීඩක වෙන්දේසියේ දී යි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...