ක්‍රීඩකයින්ගෙන් 3න් 1කට ගෙවීම් ලැබී නැහැ – ෆිකා නවතම වාර්තාවෙන් හෙළිවෙයි

Date:

සියලු ක්‍රීඩකයින්ගෙන් තුනෙක් එකක් පමණ ලොව පුරා සංවිධාන කර ඇති 20යි 20 ලීග් තරගාවලියන්හී දී ගෙවීම් ප්‍රමාද වීම්වලට හෝ ගෙවීම් නොලැබීම්වලට ලක්ව ඇති බව අණාවරණය වී තිබෙනවා.

ඒ, ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සංගමය (Federation of International Cricketers’ Associations) (FICA) නිකුත් කළ නවතම වාර්ෂික ක්‍රීඩක වාර්තාවට අනුවයි.

ඔවුන් පෙන්වා දෙන්නේ ක්‍රීඩකයින්ගෙන් 34%ක් මෙලෙස ගෙවීම් ලැබීම සම්බන්ධයෙන් වන අර්බුදයන්ට මුහුණ දී සිටින බවයි.

ප්‍රධාන වශයෙන් තරගාවලිය 6කින් මෑතකදී මෙවැනි ගැටලු වාර්තා වී ඇති බව සදහන්.

එනම්, කැනඩා ගෝලීය 20යි 20, බංග්ලාදේශ ප්‍රිමියර් ලීග්, අබුඩාබි T10, කටාර් T10, යූරෝ T20 ස්ලෑම් සහ මාස්ටර්ස් චැම්පියන්ස් ලීග් යන තරගාවලි තුළ දී ක්‍රීඩකයින් මෙම අපහසුතාවයට මුහුණ දී ඇති බවයි නවතම වාර්තාවෙන් පෙන්වා දෙන්නේ.

තවද බංග්ලාදේශ ක්‍රීඩකයින්ට අයි.සී.සී තරගාවලියක ත්‍යාග මුදල් නිසි පරිදි නොලැබීම මෙන්ම සිම්බාබ්වේ ක්‍රීඩකයින්ට කොන්ත්‍රාත්වලට අදාළ මුදල් නොලැබීම යන ගැටලු ද FICA සංගමය සිය වාර්තාවේ ඇතුළත් කර තිබෙනවා.

ඒ අනුව මෙම ගැටලු සදහා වැඩි අවධානයක් යොමු කරන්නැයි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සංගමය ජගත් ක්‍රිකට් කවුන්සලයෙන් ඉල්ලා සිටිනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...