අයි.සී.සීයටත් ගණන් වරදියි ; එංගලන්තයට දුන් දඩුවම දැඩි කෙරේ

Date:

ඔස්ට්‍රේලියාව සමග පැවැති පළමු අලුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී පන්දුවාර යැවීමේ වේගය අවම මට්ටමක පැවතීම හේතුවෙන් එංගලන්තයට ලබා දුන් දඩුවම තවදුරටත් දැඩි කිරීමට ජගත් ක්‍රිකට් කවුන්සලය (අයි.සී.සී) කටයුතු කර තිබෙනවා.

එම තරගයට අදාළව සිදු කෙරුණු කාල ගණනයේ දී මීට පෙර අනාවරණය වී තිබුණේ එංගලන්තය පන්දුවාර 5ක් පිටුපසින් සිට ඇති බවයි.

ඒ අනුව එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ සියලු ක්‍රීඩකයින්ට තරග ගාස්තුවෙන් 100%ක දඩ මුදලක් පැනවීමටත්, අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනෙන් ප්‍රසාද ලකුණු 5ක් කපා හැරීමටත් අයි.සී.සීය තීරණය කර තිබුණා.

කෙසේ වෙතත්, ජගත් ක්‍රිකට් කවුන්සලය අද නිවේදනය කළේ එම තරගයේ දී එංගලන්තය පන්දුවාර 5ක් නොව පන්දුවාර 8ක් නියමිත කාලසීමාවන් තුළ යවා නිම කර නොමැති බවට අනාවරණය වී ඇති බවයි.

ඒ අනුව ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනෙන් එංගලන්තයට හිමි ප්‍රසාද ලකුණු 5ක් නොව ප්‍රසාද ලකුණු 8ක් කපා හැරීමට කටයුතු කරන බව ජගත් ක්‍රිකට් කවුන්සලය සදහන් කළා.

අයි.සී.සී නීති රීති අනුව නියමිත කාලය නිමා වන විට යැවීමට අපොහොසත් වී ඇති එක් පන්දුවාරයක් සදහා ක්‍රීඩකයින්ට තරග ගාස්තුවෙන් 20%ක දඩ මුදලක් පනවනු ලබනවා.

කෙසේ වෙතත්, මෙම අවස්ථාවට අදාළව මේ වන විටත් 100%ක දඩ මුදලක් හෙවත් පැනවිය හැකි උපරිම දඩ මුදල පනවා ඇති බැවින් එම දඩ මුදලෙහි කිසිදු සංශෝදනයක් සිදු වන්නේ නැහැ.

ඔස්ට්‍රේලියාවට එරෙහි පළමු ටෙස්ට් තරගය ආරම්භ වන විට එංගලන්තය ප්‍රසාද ලකුණු 14කට හිමිකම් කියනු ලැබුව ද, ලකුණු 8ක් කපා හැරීමට ගත් තීරණයත් සමග ඔවුන්ට මේ වන විට හිමිව ඇත්තේ ප්‍රසාද ලකුණු 6ක් පමණයි.

ඒ අනුව ඔවුන්ගේ ලකුණු ප්‍රතිශතය ද 23.33% සිට 10% දක්වා පහත වැටී ඇති අතර, ප්‍රසාද ලකුණු සටහනේ ඔවුන්ට හිමිව ඇත්තේ 7 වැනි ස්ථානයයි.

දෙරට අතර පැවැති පළමු ටෙස්ට් තරගයෙන් කඩුලු 9ක විශිෂ්ඨ ජයක් වාර්තා කළේ ඔස්ට්‍රේලියානු කණ්ඩායමයි.

අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ නවතම ප්‍රසාද ලකුණු සටහන –

ICC

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...