පන්දුවෙන් පිතිකරුට දමා ගැසූ වරදට දඩුවම් ලකුණු 5ක් පනවයි

Date:

එංගලන්තයේ බොබ් විලිස් කුසලාන තරගාවලිය යටතේ පැවැති තරගයකදී දඩුවම් ලකුණු 5ක් පන්දු යැවීමේ කණ්ඩායමට එරෙහිව පැනවීමට විනිසුරුවන් කටයුතු කළ පුවතක් වාර්තා වනවා.

මෙය සිදුව ඇත්තේ ලැන්කෂෙයාර් කණ්ඩායම සහ ලෙස්ටෂෙයාර් කණ්ඩායම කණ්ඩායම අතර පැවැති තරගයේ දී යි.

එහිදී පන්දු යවමින් සිටි ලෙස්ටෂෙයාර් කණ්ඩායමේ Dieter Klein විසින් පන්දුවක් යැවීමෙන් පසුව ලැන්කෂෙයාර් කණ්ඩායම වෙනුවෙන් පිතිකරණයේ නිරත වෙමින් සිටි Danny Lamb ඉදිරියට පහරක් එල්ල කරනවා.

පසුව පන්දුව යළි පන්දු යවන්නාගේ අතට ලැබෙන අතර, එහිදී ඔහු පෙරලා එම පන්දුවෙන් පිතිකරු දෙසට දමා ගසනවා.

පිතිකරුට පන්දුව මග හැරීමට කිසිදු අවස්ථාවක් ලැබෙන්නේ නැහැ.

එය ඔහුගේ ශරීරයේ වදින අතර, එහිදී යම් වේදනාවකින් ද පිතිකරු පෙලෙන බව පුනරූපනවලින් දක්නට ලැබෙනවා.

ඒ හේතුවෙනුයි පන්දු යැවීමේ කණ්ඩායමට දඩුවම් ලකුණු 5ක් පැනවීමට විනිසුරුවන් කටයුකු කළේ.

ඊට අදාළ වීඩියෝ දර්ශනය පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...