එංගලන්තය ලකුණු 456 ක් පිටුපසින්

Date:

අලුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයේ දෙවැනි දිනය අද(17) නිමා වුනේ එම තරගයේ ද පාලනය ඔස්ට්‍රේලියාවට නතු කරමින්.

අයහපත් කාළගුණ තත්ත්වය මත නියමිත කාලයට පෙර දිනය නිමා කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි එංගලන්තය කඩුලු 2 ක් දැවී ලකුණු 17ක් ලබා සිටියා.

රෝරි බර්න්ස් ලකුණු 4කට දවා ගැනීමට මිචෙල් ස්ටක් සමත් වූ අතර, හසීබ් හමීඩ් ලකුණු 6කට දැවී ගියේ මයිකල් නෙසර්ගේ මංගල ටෙස්ට් කඩුල්ල වශයෙන්.

ඇඩිලේඩ්හී දී දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැත්වෙන තරගය දෙවන දිනය සදහා අද ආරම්භ කරන විට තරගයේ පළමුවෙන් පන්දුවට පහර දෙමින් සිටි ඔස්ට්‍රේලියාව කඩුලු 2ක් දැවී ලකුණු 221ක් ලබා සිටියා.

ඔවුන් සිය පළමු ඉනිම අත්හිටුවීමට තීරණය කළේ කඩුලු 9ක් දැවී ලකුණු 473ක් ලබා සිටියදීයි.

සිය 6 වැනි ටෙස්ට් ශතකය වාර්තා කළ මර්නස් ලබුෂේන් ලකුණු 103කට දැවී ගියා. නායක ස්ටීවන් ස්මිත් දැවී ගියේ ලකුණු 93ක් ලබා සිටියදීයි.

ඩේවිඩ් වෝනර් ඊයේ දිනයේ දී ලකුණු 95කට දැවී ගිය අතර, සිය මංගල ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කළ ඇලෙක්ස් කෙරී ලකුණු 51ක් ලබා ගත්තා.

පන්දු යැවිමේ දී බෙන් ස්ටොක්ස් කඩුලු 3ක් ද, ජේම්ස් ඇන්ඩර්සන් කඩුලු 2ක් ද බිද හෙලුවා.

ඒ අනුව එංගලන්තය මේ වන විට පිටුපසින් පසුවන ලකුණු සංඛ්‍යාව 456 ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...