වොරියර්ස් කණ්ඩායම අවසන් වටයට පියවරකින් ළගා වෙයි

Date:

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයට සුදුසුකම් ලබා ගැනීමේ බලාපොරොත්තු තවදුරටත් රදවා ගැනීමට කැන්ඩි වොරියර්ස් කණ්ඩායම අද(16) සමත් වුණා.

ඒ, තරගාවලියේ 18 වැනි තරගයෙන් දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායම පරදා කඩුලු 6ක ජයක් වාර්තා කිරීමත් සමගයි.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැති තරගය ජය ගැනීම සදහා වොරියර්ස් කණ්ඩායමට හිමි වූ ලකුණු 131ක ඉලක්කය ඔවුන් පසු කර ගියේ පන්දුවාර 19.2ක් අවසානයේ දී යි.

ඒ, රවී බොපාරා පන්දු 50කින් නොදැවී වාර්තා කළ ලකුණු 59න් ශක්තිමත් වෙමින්.

නායක ඇන්ජෙලෝ පෙරේරා නොදැවී ලකුණු 29ක් හා කෙනාර් ලුවිස් ලකුණු 27ක් රැස් කරමින් කැන්ඩි වොරියර්ස් ඉනිම ශක්තිමත් කළා.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 130ක් ලබා ගත්තේ මුල් පෙල පිතිකරුවන්ගෙන් සැලකිය යුතු දායකත්වයක් ඉනිමට හිමි නොවූ පසුබිමකයි.

සචිත ජයතිලක ලකුණු 34ක් හා රමේෂ් මෙන්ඩිස් ලකුණු 41ක් රැස් කළ අතර, පන්දු යැවීමේ දී බිනුර ප්‍රනාන්දු හා අල් අමීන් හුසේන් කඩුලු 3 බැගින් බිද හෙලුවා.

ඒ අනුව මේ වන විට ප්‍රසාද ලකුණු 4කට හිමිකම් කියන වොරියර්ස් කණ්ඩායමට අවසන් වටයට සුදුසුකම් ලබා ගැනීමටනම් හෙට(17) කලම්බු ස්ටාර්ස් කණ්ඩායම සමග පැවැත්වෙන තරගයෙන් ඔවුන් ජය ගැනීම අනිවාර්යය වනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...